
(අංජුල මහික වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් වන කාටූන් නිර්මාණ තුළින් එම රටේ ස්ථාපිත වී ඇති නිදහස පෙන්නුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක නිදහස් කාටූන් නිර්මාණ බිහි නොවන බව කී ජනාධිපතිවරයා සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව ද සඳහන් කළේය.
ඉකුත් අර්බුද සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පොත එළිදැක්වීම සිදු කෙරිණි
පසුගිය කාලයේ රජය අසීරුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් අද රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා අද අප රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටස බව ද පැවසීයෙ
අසීරු සමයක, සිතට සතුටක් ගෙන එමින් කාටූන් නිර්මාණ කළ ශිල්පීන්ට ස්තූතිය පුද කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
ෙඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූපය:-ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට සහභාගි වුණ කාටූන් ශිල්පීන්ගේ නම් දැම්මානම් නේද වටින්නේ...?