
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයෙ සිට වැඩ වාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායක සභාවේ පිරිසක් විසින් පහර දීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙම විහාරස්ථානය වසරකට පෙර ආරම්භ කර ඇති අතර එහි ආරම්භයෙ සිට යම් යම් හිරි හැර මැද මෙම භික්ෂුන්වහන්සේලා එහි වැඩවාසය කර ඇතැයි කියති.
දායක සභාවේ පිරිසක් අතර දිගින් දිගටම ඇතිව තිබු ආරවුලක් මත මෙම අමානුෂීක පහර දීම් සිදුව ඇති බව කියයි.
මෙම ආරවුල හේතුවෙන් පසුගිය දිනවල මෙම හිමියන්ගේ හම්බන්තොට ගොස් නැවත විහාරස්ථානයට පැමිනි අවස්ථාවේදි එම හිමියන් රැදි සිටි ගොඩනැගිල්ලේ දොර අගුලු කඩා උන් වහන්සේට අයත් දෑ සොරකම් කර තිබු බව කියයි.
ඉන් පසුව ඒ බව පුත්තලම මුලස්ථාන පොලිසියට ගොස් පැමිණිලි කර නැවත මෙම විහාරස්ථානයට පැමිණ සිටියදී කඩා වැදුණ දායක සභාවේ පියකු හා පුතෙකු ඇතුළු පිරිසක් ඉතා අමානුෂීක පහර දී සිවුරු ගලවා දමා ඇති බව කියයි.
මෙම පහර දීමට සම්බන්ධ හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවීම වෙලා තියෙන්නේ එක සතෙකුට ප්‍රසිද්ධියක් තියෙන පැත්තක නිසා ඒ සතුන්ගේ ක්‍රියාවක් ලෙසට සලකන්න පුළුවන්...