(කේ බුද්ධික කුමාරසිරි)
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලියූ බව කියන පොත පිළිබදව තමාට ලද තොරතුරු අනුව එම පොත ලියූවාට වඩා නොලිව්වානම් හොද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උත්තර සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා අද (07) නවගමුව දී පැවසීය.
එම පොත තමාට කියවීමට තවමත් අවස්ථාවක් නොලද බවත් එම පොත කියවූ තමන්ගේ හිතවත් පුද්ගලයින්ගෙන් ලද තොරතුරු අනුව එම තොරතුරු නිවරැදි නම් විදෙස් බලවේග පිලිබදව පොදු අර්ථයෙන් දක්වා ඵලක් නොවන බවද ඒ මහතා පැවසීය.
එලෙස කරුණු හෙළි කරන්නේ නම් එම කුමන්ත්‍රණය සිදු කලේ කවුද මොන රටවල් ද මොන විදියට ද කුමන්ත්‍රණය සිදු කලේ කියල කෙලින් කියන්න ඕනේ . නමුත් පොත කියවපු අය කීවේ ඒ කරුණ විදෙස් බලවේග යනුවෙන් මිස නිශ්චිතවම නම් කර නැති බවයි. මා පොත කියවූ පසු ඒ පිළිබදව හරියටම කියන්න පුළුවන් යැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමනුත් පොතක් ලිව්වා නේද? ඒකත් නොලිව්වා නම් හොඳ තමා.., තමන් අනාගත්ත ගෝඨාභය බලයට ගේන්න මුල්වූ අයෙක් නේද?
පොත පෙරළලාම බලන්න වෙන හැඩයි.. අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ?
රටම විමල්ගේ හැටිත් දන්නවා...!
අටේ පංතියේදි පොතපත දැන ගත්තෙත් අනුන්ගෙන්ද?
මෙයාට අමතක වෙලා... ගෙන්වපු මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ ලියපු පොත බව...
ඈ බොල විමලෝ උඹ මොන ඉස්කෝලේද ඉගෙනගත්තේ? පොත නොකියවා විවේච්චන ලියන්න?
ඔබතුමා ගෙ පොතෙ කොලවලින් මලුකඩෙ මාලු ඔතනවා , ගොටාබය මහත්මයා ගෙ පොත විකිනිලා ඉවරයි , පලමු ම්ද්ර්රනය.
මෙයා කරුණු දැනගෙන හරියට කෙලින් කියන මිනිහානේ
මෙම පොත සතොසෙන් සහන මිලට සෑම පුරවැසියකුටම ලබාදිය යුතුයි. ඉංග්රීසි පොත් සෑම සංචාරක හෝටලයක්ම වැසිකිළිවල තැබීම අනිවාර්ය කළ යුතුයි...