(අංජුල මහික වීරරත්න)

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කාන්තාව සවිබල ගැන්වීම සඳහා ජනපති ගෙන යන වැඩපිළිවෙල හෙට (8)එළිදක්වන බව කොළඹ මහ නගර සභාවේ එජාප හිටපු මන්ත්‍රීනී සඳමාලි උළුවඩුගේ මහත්මිය පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (7) පැවැසුවාය.

රජය කාන්තාවන් වෙනුවෙන් ඉදිරියේදී කරන්නට යන වැඩපිළිවෙල සහ කාන්තාවන් එකතු කරගෙන කාන්තාවන්ගේ දායකත්වයෙන් රටට ප්‍රතිලාභයක් ලබා දෙන ආකාරය ගැන එහිදී සාකච්ඡා කෙරෙන බවද උළුවඩුගේ මහත්මිය කීවාය.

සමහර දේශපාලන කණ්ඩායම් කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරමින් සිටින බවද උළුවඩුගේ මහත්මිය සඳහන් කළාය.