(රංජන් කස්තුරි)
මේ රට වෙසෙන ඉහල වත්කම් ඇති සුපිරි ධනවතුන් සිය දෙනකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.
එම සුපිරි ධනවතුන් 100 දෙනා මෙතෙක් කල් නිසියාකාරව බදු ගෙවීමක් සිදුකර නොමැති හෙයින් ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
මෙරට වෙසෙන සුපිරි ධනවතුන්ගෙන් නිසියාකාරව බදු අය කර ගැනීම සඳහා ඉහළ ආදායම් සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලය පිහිටුවා ඇති අතර ඊට විශේෂඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අනුයුක්ත කර සිටින බවද චන්ද්‍රසේකර මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කියන්නේ ඕක තමයි. සොච්චම් පඩියක් ගන්න රාජ්‍ය සේවකයින් හූරාගෙන කනවා. අහිංසක ජනතාව එදිනෙදා හම්බ කරන තුට්ටු දෙක හූරාගෙන කනවා. මහා පරිමාණ සුපිරි කෝටිපතියෝ කිසිඳු ගණනක් නැතිව ඉන්නවා...
පත්තරේ දැම්මාම පුළුවන් එයාලට දැනගන්න.
ඉස්සෙල්ලාම දේශීය ආදායම් සහ රේගුවේ අයගේ වත්කම් බලලා එමුද?
ඔබතුමියට විතරයි කොන්ද තියෙන්නේ.. මෙම ක්‍රියාව සාර්ථක වේවා..!
ඔය අතරේ මුදුනේම ඉන්නේ දේසපාළුවෝ නේද? ඒ ගොල්ලොයි ඒ ගොල්ලන්ගේ දරු මල්ලොයි මෙච්චර මුදල් සම්භාරයක් එකතු කලේ කොහොමද කියලා නිකමටවත් හොයලා බලන්න හිතුනේ නැද්ද?
අවධානය යොමු කරලා උන් දිහා බල බල ඉන්නද හදන්නේ ?උන්ට විරුද්ධව මොනවද ගන්න පියවරවල් ?
කලින්ම කිව්වේ ඕනම නම් ඉක්මනින් රටින් පැනගන්න කියලා කියන්නද.
පාර්ලිමේන්තුවේ හිටපු සහ දැනට ඉන්න කී දෙනෙක් මේකට ඇතුලත් වෙලා තියේද.රටේ සල්ලි හොරා කාපු එවුන්ගේ නම් මේකේ තියේද
ඔය කියන-නොකියන ඔක්කොටම මෙරට විතරක් නෙමේ පිටරටත් දේපළ ඕසෙට තියෙනවා. විශේෂයෙන්ම දෙසපාලුවන්ට සහ ඔවුන්ගේ සහචරයින්ට, හෙන්චයියන්ට.