
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ තරුපයේ හෝටලයකදී තම කුළුපග ව්‍යාපාරික මිතුරාට නින්ද ගිය අතරවාරයේදී මිතුරාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් රැගෙන අනෙක් මිතුරා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා සහ මුදල් සොරාගෙන පලා ගිය ඔහුගේ මිතුරා පාසල් වියේ සිටම කුළුපග මිතුරන් වන අතර වහනයක් මිලදී ගැනීම සඳහා පැමිණ දෙදෙනාම හෝටලයේ කාමරයක මත්පැන් පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් ව්‍යාපාරික මිතුරාට නින්ද යාමෙන් අනතුරුව සැකකාර මිතුරා ඔහුගේ මුදලුත් රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පැමිණිලිකාර ව්‍යාපාරිකයා කහව පදිංචි පදිංචිකරුවෙකු බවත් පලා ගිය සැකකරු කොස්ගොඩ මාදෝබේ පදිංචි කරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd