(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත "ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" නමැති ග්‍රන්ථයේ මුල් තොගය ඊයේ (7) සම්පූර්ණයෙන්ම විකිණී අවසන්වූ බව විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා මහතා පැවසීය.
විවිධ තරාතිරම්වල පුද්ගලයන් තම පොත්හල්වලින් එම ග්‍රන්ථය මිලදී ගත් බවත් ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් බවත් හෙතෙම සඳහන් කළේය.
තම ආයතනය එම ග්‍රන්ථයේ ප්‍රධාන බෙදා හැරීම්කරු බව පැවසූ යාපා මහතා මුද්‍රණය කෙරුණු තවත් පොත් තොගයක් බෙදා හැරීම සඳහා අද(8) රැගෙන එන බවද ප්‍රකාශ කළේය.
එම පොත මිලදී ගැනීමට දිවයින පුරා පොත් හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවද ඔහු කීවේය.
" පොතට ලොකු ඉල්ලුමක් තියෙනවා.හිතුවට වඩා වේගයෙන් විකිණෙනවා."යැයිද විජිත යාපා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන හැම පිස්සු වැඩම කරලා රට අපායක් කරලා මිනිසුන්ව පෝලිම් යුගයට තල්ලුකරලා දැන් පොත ලියලත් ඕක කියනවනේ "මා නෙරපීමේ කුමන්ත්‍රණය" ඇත්තටම පිස්සුද මන්ද, එක ගන්ටත් පෝලිමක් ලු
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි
කවුද මේවා ගන්නෙ????
බයියන්ට පොත ගන්න අනිවාර්ය කරලා .හ හා
ජයග්‍රහයකයෙකු විසින් ලියන ලද ගතක තම ජයග්‍රහනයේ මඟ සහ ජයග්‍රහනයේ ප්‍රතිපල (සහ ආනිසංස) ගැන අදහස් ඇත.එය ද උදම් වූ සිතකිනි. උදාන වාක්‍ය සමඟ ය. පරාජිතයෙකු විසින් ලියන ලද ගතක ඇත්තේ, තමාගේ පැරදීමට හේතු විග්‍රහයකි. එය ද පරාද වූ පරාජිත මනසකිනි. නො හැකියාව ගැන කියනුයේ තමාට පැරදීමෙන් වූ අවමානය වසා ගැනීම පිණිස ය. නායකයෙකුගේ පැරදීම, ඇද වැටීම අතිශයින් බරපතල ය. නායකයයෙකුගේ පැරදීමෙන් ඔහු නායකත්වය දෙන ජත සමූහයට ද අත්වන්නේ පරාදයයි. එය ඒ ජන සමූහයට මහත් වූ ව්‍යසනයකි. අවමානයකි. පරාජිතයා තම මත අත් හැර, ජයග්‍රහයෙකුගේ මඟ ගෙන තම පරාජයට හේතු සමාලෝචනය කිරීම වැරදි මඟ ගන්නවුන්ට ප්‍රයෝජන විය හැක. සම්බුදු රදහු අසහාය ජයග්‍රහනයේ විශිෂ්ටත ම පුද්ගලයා වූ සේක. ත්‍රිපිටක ගත්වල ඇත්තේ ඒ ජයග්‍රාහී මඟ සහ ඒ ජයග්‍රාහි විස්තර ප්‍රතිපල ය.. දෙව්දත් තෙරුන් වැරදි මඟ ගෙන පරාජිත වී දිවි අවසන් වීමට සුළු මොහොතකට පෙර වැරදි පරාජිත මඟ අත් හැර සම්බුදු රදුන් සරණ ගොස් ජයග්‍රාහි මඟ තෝරා ගත්තේ ය. ඒ හේතුවෙන් දෙව්දත් තෙරුන්වෙත ජයග්‍රාහී මඟ විවර විය. යමෙක් තම පරාජිත මත ඉවත නොලා පරාජයට හේතු කියන ගත්වලින් කිසිවෙකුටත් ම ප්‍රයෝජන අත් නොවනු ඇත.
ගෝඨාට පොතක් තියා රචනයක්වත් ලියන්න දැනුමක් ඇතැයි මම සිතන්නේ නැහැ. ප්‍රෙස් ඉන්ටර්වීව් වලට උත්තර දීගන්න බැරුව තටමපු හැටි කවුරුතු දැක්කනේ… කතෘගේ වෙනත් කෘති: අයියාගෙන් අහලා කියන්නම්, කාබනික පොහොර භාවිතය, නිදහස ලැබූ දුමින්ද, හූ ඊස් ලසන්තා, අපි තමයි හොදටම කරේ, ඥාණක්කා සහ රතු නූල්,
නැතුව නැතුව ලක්ෂ හැටනවයක් හිටපු එකේ එයින් භාගයක් වත් පොත නොගත්තොත් ඉතින් වැඩක් නැහැ කියලා හිතෙනවා 1800*ලක්ෂ 34.5=?
ඉතිං බං ගෝතේ, එලවපු ගමං ඕක කියන්න තිබ්බනෙ... දැං ඕක කිව්වා කියල මෙහෙ එවුං ආයි හිටපු පුටුවෙඉඳවන්න යැ. සීනි හොරා ළමා කෘතිය කවදද එළි දකින්නේ..?
මටත් පොතක් ගන්න විදියක් නැතුව ඉන්නේ ලියලා තියෙන ටොම්පච මොනවාද කියලා දැනගන්න...
සමහර විට සමෘද්ධිලාභීන්ට පොහොට්ටු කාරයෝ කීවාද දන්නේ නැහැ... ගෝඨාභයගේ පොත ගත්තේ නැතිනම් සමෘද්ධිය කපනවා කියලා, නැතිනම් ඔය පොත් සල්ලි දීලා ගන්න මිනිස්සුන්ට පිස්සුවක් නැහැ...!
පරාජයට හේතු විග්‍රහ කරනවාට වඩා සහෝදර බැසිල් ආදර්ශයට ගත්තා නම් හොඳයි. බැසිලුත්, ගෝඨා එක්කම ධුර වලින් නෙරපුවා. ටික කාලයකට තම නිවහන වූ ඇමෙරිකාවට ගියා. විවේක ගත්තා. පැරැණි දේ අමතක කළා, නැවත ලංකාවේ දේශපාලනයට ආවා. දැන් බැසිල්ට කාගේවත් විරෝධයක් නැහැ. යස අගේට දේශපාලනය කරගෙන යනවා. තමා ජනාධිපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය ඇරඹුණේ තමුන් ධුරයේ දිවුරුම් දා දුන් පටන් කියලා දැනගෙනවත් වැඩ කළා නම් ඔහොම පොත් ලියන්න ඕනෑ වෙන්නේ නැහැ.
රැල්ලට ගහගෙන යන මන්ද බුද්ධිකයෝ බහුතරයක් ඉන්න රටක් මේක... මුල්ලේරියා රෝහලේ පිස්සෙක් ලිව්ව පොතක් වුණත්, මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් දුන්නොත් ලේසියෙන් විකුණාගන්න පුළුවන් රටක් මේක... බොරුවට ලෝකෙට පේන්න, ඔය පල් හෑලි කියවා ඒ ගැන විචාර දක්වන අයට ඉතින් දෙයියන්ගේම පිහිටයි...!
කළගුණ නොදත් හයහතර නොදත් අඩුමතරමේ හරියටම භාෂාව වත් කතකිරීමට, ලිවීමට නොදත් අහිංසක මිනිසුන්ගෙන් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි අතර මෙතරමෙන්වත් අපගේ මව්බිම බේරුණේ සම්මා සම්බුදු පහස ලද නිසාවෙන් මිස වෙන හාස්කමකින් නම් නොවෙයි.
ලිං මැඩියන්ගේ ප්‍රතිචාර බැලීමට පැමිණියෙමි.
විකාර තමයි...!
ඔය පොත පෙරළන්ඩ අවුරුදු 2 ක් කිට්ටු වෙලා ඡන්දයක් එනකම්ම උන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. යනඑන මන් නැති නිසා, ආයේ තටුගසා දාලා නැගිටින්න හිතාගෙන කවුරු හරි ලව්වා කඩ්මුඩියේ ලියවා ගන්න ඇති.. සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා කරපු බොරු පම්පෝරි ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පොත ගැන කවර කතාද?
පාතිමාගෙ කිරිබත් කාපු නානාගේ බුරියානි වලට අරගල කරපු උපන්නාට මේ ලොව වැනෙන, කන්න දෙනවා නම් ඕනෑ කෙනෙකුට නකුට වනන අජාතකයින් කුලියට ලියා අදහස් දක්වා ඇති බව පෙනේ...
මහජන මතය බොරුවෙන් මුලාකර ලබාගත් ජයග්‍රහණය මහජනතාව පීඩාවට පත්කරන්න යොදාගත්ත කිසිම වෘත්තියකට නොගැලපෙන බියගුලු පුද්ගලයෙක් නැවත වරක් බොරුවෙන් රට රවටාගෙන ලොව වටා රවුම්ගහන්න සල්ලි හොයනවා. මෝඩ මිනිසුනේ... නැවත රැවටෙන්න එපා...
ඔහු කරන්නේ පොත විකුණා මුදල් ඉපැයීමයි. පොත් විකිණෙන තරමට ඔහුට ආදායම ලැබෙනවා. එය බිස්නස් එකක්...
IP අළුත් කරකර කොමෙන්ට් ඩිස්ලයික් කරලා වගේ. මේකට කඩේ යන ගොන්වාහෙලා දැන් නැතත් ඔරකල් ඩේටාබේස් ගැන සුරංගනා කතා කියපු කෙනාට ඒකත් බැරි නෑ.
මේවනේ දෙයියෝ සාක්කි එකේ දාන්න ඕනේ. රට බංකොළොත් කරපු කෙනාගෙන් පොතක්..!