
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හෙරොයින් පැකට්ටුවක් උගුරේ රදවාගෙන පොලීසියට බයේ දිව යද්දි එය සිරවිමේන් සැකකරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මත් ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවකු පොලිස් නිළධාරීන් ලුහු බදිද්දී වැටි මරණයට පත්වීමෙන් පසු හලාවත මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න බංඩා මහතා සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු ඔහු මියගොස් ඇත්තේ හෙරොයින් පැකට්ටුව උගුරේ සිරවී බව අනාවරණය වී තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත රත්නඋයන පදිංචි මිරිස්ස පතිරගේ ප්‍රභාත් අබේවිර නැමති අයෙකී.
මත්ද්‍රව්‍ය අලෙවි කිරීම ඇතුළු චෝදනා ගණනාවක පෙර වැරදි ඇති අදාල සැකකරු පම්බල ප්‍රදේශයෙ සැරිසරන බවට හලාවත මුලස්ථාන පොලිසිය හා කොඨඨාශ විෂ මත්ද්‍රව්‍ය එකකයෙ නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම සැකකරු අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබේ.
එහිදි මෙම සැකකරු හා තවත් අයකු ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදී එම ත්‍රි රෝද රථය නවතා පරික්ෂා කිරීමට සුදානම් වනවාත් සමග මෙම සැකකරු හා අනෙක් තැනැත්තා පැන ගොස් ඇති බව කියයි.
එහිදි මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනිමට පොලිස් නිළධාරීන් මොහු පිටුපස ලුහු බදිද්දි සැකකරු එකවරම ඇද වැටි ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත වෙන්නත් පුළුවන් ,පොලිසිය දොස්තරවත් අල්ලාගෙන මවපු කතාවකුත් වෙන්න පුළුවන්