පළාත් කීපයකට අද සවස ගිගුරුම් සහිත වැසි බස්නාහිර සහ සබගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 August 2023
හොර වැඩක් කිරීමට අනුබල දුන්ග්රාම සේවක දැලේ මහනුවර ශාන්ත අන්තෝනිබාලිකා විද්‍යාලයට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කර ගැනීමටව්යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 23 August 2023
අනතුරින් අයෙක් මරුට: පියා දියණිය රෝහලේ කළුතර සිරිකුරුස විදුහල ඉදිරිපිට ගාලුපාරේ පදික මාරුවේ දී යතුරුපැදියක ගැටී පුද්ගලයකු මියගොස්, පාසල් සිසුවියක සහ හිටපු නාවික හමුදා සෙබළෙකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි . 23 August 2023
ඉන්දියාවේ චන්ද්‍ර යානය අද සඳට ගොඩබානවා ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 Chandrayaan-3 මෙහෙයුම යටතේ, ’වික්‍රම්’ නමැති රොබෝ ගවේෂණ යානය අද (23) සවස ඉන්දියාවේ වේලාවෙන් 6.04 ට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය. 23 August 2023
ත්‍රිකුණාමලය ‘ෆ්රෙඩ්රික්’ කොටුව සංචාරකයින්ට විවෘත කරයි ත්‍රිකුණාමලය ෆ්රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් සහ තවදුරටත් ක්‍රමවත්ව සකස් කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. 22 August 2023
දේශීය බිත්තරේ ආඩම්බර බහි දේශීය බිත්තරයක මිල රුපියල් 30 - 35 ට පාරිභෝගිකයන්ට හිඟයක් තොරව මිලදී ගැනීමේ අවස්ථාව උදා වූ වහාම බිත්තර ආනයනය නතර කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 22 August 2023
ආර්.එම්.වී වාහන වංචාව සී.අයි.ඩීයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ,ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඇති බව කියන සිද්ධියේ විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී පොලිස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 22 August 2023
වාහන ජාවාරමක හිටපු නාවික නිලධාරියෙක් මාට්ටු සුඛෝපභෝගි මෝටර් රථයකට ව්‍යාජ ලේඛණ සකස් කර ආරක්ෂක සමාගමකට අනුයුක්ත කළැයි කියන නාවික හමුදාවේ හිටපු නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 22 August 2023
තෙල්දෙණිය පොලිසියේ දෙකක් තහනම් ගහේ නැගලා තෙල්දෙණිය පොලීසියට අනියුක්තව දූෂණ මර්ධන අංශයේ සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු කසිප්පු ජාවාරම්කරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගනිද්දි අල්ලස් හෝ දූෂණ මර්ධන අංශය මගින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ . 22 August 2023
අගුරුවාතොට මව දැරිය ඝාතනය: සැකකරුගේ සිරුර බන්ධනාගාරයේ එල්ලෙයි අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළාගේ සිරුර එහි එල්ලෙමින් තිබියදී අද (22) පස්වරුවේ සොයාගත් බව බව කළුතර උතුර පොලිසිය පවසයි . 22 August 2023
පානීය ජලය සපයන්න අමාත්‍යාංශ 3ක් එක්වෙයි මෙරට මුහුණ දී සිටින නියං තත්ත්වය හේතුවෙන් පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් ලෙස සලකා අමාත්‍යංශ තුනක් ඒකාබද්ධව කටයුතු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 22 August 2023
දිවුලපතානට අන්තවාදී පිරිසක් ඇවිත්: ලොකු ආරවුලක් නූලෙන් බේරෙයි අන්තවාදී පිරිසක් පොළොන්නරුව මාදුරුඔය දිවුලපතාන ගම්මානයට පැමිණ එහි පාරම්පරික ගම්වාසින් පිරිසක් සමග අද (22) සවස ඇති කරගන්නට ගිය ආරවුලක් සමථයට පත් කිරීමට,ප්‍රදේශයේ මහා සංඝරත්නය එම ගම්වාසීහු සහ අරලගංවිල හා කරදියනාරු පොලීසි සමත් වූහ. 22 August 2023
නුවර පෙරහරේ ඇත්තු කුලප්පු වී අලි ජරමරයක් මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. 22 August 2023
හපුතලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට හපුතලේ ප්‍රධාන සංචාරක හෝටලයක් තුල අද 22 රාත්‍රීයේ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය වී තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි . 22 August 2023
ජාතික ගීය ගායනා කිරීමට මාර්ගෝපදේශ මාලාවක් ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ. 22 August 2023
නියගයෙන් පවුල් 132000ක් අවදානමේ පවතින නියගය හේතුවෙන් පවුල් 132000කට අධික ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇතැයි ජලසම්පාදන හා ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී අනෝජා කලුආරච්චි මහත්මිය ලංකාදීපයට අද (22) පැවසුවාය. 22 August 2023
නාවික ජැටිය කඩන්වැටී සිසුන් ඇතුළු 19ක් රෝහලට ත්‍රිකුණාමලය නාවික හමුදා පාලමේ ජැටියේ කොටසක් කඩා වැටිමෙන් අද (22) පස්වරුවේ වරාය නැරඹිමට පැමිණි 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි වරාය පොලිසිය කියයි. 22 August 2023
රජය ඉදිකිරීම් ක්ෂේත්රයට කෝටි 100 ක් ණයයි මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතුවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් ඇනහිට ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්රයේ ආයතන නිමකළ ව්‍යාපෘති සඳහා රජය රුපියල් කෝටි 100 ක පමණ මුදල් ගෙවීමට ඇති බවත් ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා පැවසීය. 22 August 2023
රත්මලාන වෙඩික්කරු ආ යතුරු පැදිය අඟුරුවාතොට ඇළකට දමලා රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අඟුරුවාතොට කෙසෙල්හේනාව ඇළ මාර්ගයක දමා ගොස් තිබියදී හමුවූ බව පොලිසිය කියයි. 22 August 2023
ලෙස්ටර්ගේ සම්මානය හොරා මහනුවරදී කතකගේ බෑගයක් උස්සද්දී මාට්ටු මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට තැත් කළ ලියාපදිංචි අපරාධකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 August 2023
පිපාසයෙන් සිටින ජනතාවට සහන සලසන්න වියළි කාලගුණ තත්වය හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව උග්‍ර පානීය ජල ප්‍රශ්නයට මුහුණදී සිටින හෙයින් ඒ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළේය. 22 August 2023
ලංකාව හොරු හත්දෙනෙක් පාලනය කළ රටක් ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය. 22 August 2023
ශ්‍රී ලංකා ණයවර ලිපිවලට ජාත්‍යන්තර ගැටලුවක් පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේදී මතුවන ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 22 August 2023
කතා පවත්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න බෑ රජය සහ මහ බැංකුව එක්ව සංචාරක ක්ෂේත්රය ගොඩනැංවීම සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 August 2023
ජනපති සිංගප්පූරුවේ දී ගිවිසුමකට අත්සන් කරයි පැරිස් ගිවිසුමේ සඳහන් කාල රාමුව ඇතුලත කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දී අත්සන් කළේය. 22 August 2023
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ගහලා යාපනය මාණිප්පායි සන්දිලිප්පායි උතුර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුලුවූ නාදුනන පිරිසක් විසින් නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ගිනිතබා පලා යාමෙන් දේපල රැසකට දැඩි හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි. 22 August 2023
අයි නාලිකාවේ යටි මඩියෙක් යැයි ඔප්පු කළොත් ගෙදර යනවා රූපවාහිනී අයි නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ජනමාධ්‍ය,ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 August 2023
රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ හදිසි විගණනයක් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. 22 August 2023
රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නෑ රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නැති නිසා රටේ ජල කළමනාකරණ ප්රශ්නය මේ තරමට උග්‍ර වී තිබෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 August 2023
ලංවිම බඳවාගැනීම් - ස්ථිර කිරීම් අත්හිටුවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සමගාමීව මානව සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම නිසා නව බදවාගැනීම් සහ ස්ථිර කිරීම නොකළ යුතු බවත් එක් එක් සිද්ධියට අදාලව විදුලිබල අමාත්‍යාංශයේ අවසරය ගතයුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම මණ්ඩලයේ ප්‍රධානීන්ට දන්වා තිබේ. 22 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026