
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant Ambani ) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන , රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද(07) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .
ඔවුන් " සිට්‍රස් " ( Citrus ) හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්‍රස් හෝටලයේ " සිලෝන් කරි ක්ල්බ් " ( Ceylon Curry Club ) අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි .
මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබුණි . මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරපාන , නවතම ක්‍රම වලට පිළියෙල කර පිරිනැමීම මෙම අවන්හල තුළ දී සිදු කර ගෙන ගොස් තිබුණි . මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ .
මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 දින එම විවාහ මංගල්‍යයට සහභාගී වන පිරිස සදහා දිවා ආහාර පිළියෙල කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර , ඔවුන් පිළියෙල කළ ආහාර වලට පැවති ප්‍රතිචාර , පැසසුම් මත තවත් අතිරේක දිනයක් ලෙස 04 වැනි දින ද එම උත්සවයේ රාත්‍රී ආහාර ද පිළියෙල කිරීමේ වගකීම සහ අවස්ථාව අප ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට හිමි වී තිබුණි .
මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ " ජාම් " නගරයේ දී අම්බානි මහතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක දී පවත්වා තිබේ .
මෙම විවාහ මංගල උත්සවයට ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට අමතරව එංගලන්තය , ඩුබායි , චීනය සහ ඉන්දියාවේ සූපවේදීන් කණ්ඩායම් ද කැදවා තිබුණි .
ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන මෙම සූපවේදීන් පිරිස අද උදෑසන 06.20 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අම්බානි‘ගේ මඟුලට උයන්න ලංකාවෙන් 13ක් ගිහින්
Dharmatileke Thursday, 07 March 2024 01:45 PM
ඔබ සියලුදෙනා ගැන රටවැසියන් වශයෙන් බොහෝම සතුටුයි...!
Anton Friday, 08 March 2024 04:58 AM
ජය ජය...!