IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි මිනිස් ගැටුමෙන් මහා ගොඩක් පරලොව

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලි මිනිස් ගැටුම නිසා 2023 වසරේ පමණක් වන අලි 488ක් සහ මිනිසුන් 188 ක් මිය ගොස් තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

2011 වසරේදී අවසන් වරට වන අලි සංගණනයක් කරන විට වන අලි 5879ක් සිටි බව කී මන්ත්‍රීවරයා වසරකට අලි ගහනය සියයට දෙකක් වැඩිවන බවට උපකල්පනය කළහොත් මේ වන විට අලි 7452ක් සිටිය යුතු බව පැවසීය.

2011 වසරේ සිට 2023 දක්වා කාලයේදී අලි 4038  දෙනෙක් මරා දමා ඇති අතර එම කාලයේ අලි මිනිස් ගැටුම් වලින්  මිනිසුන් 1314 ක් මියගොස් තිබෙන්නේ යැයි කීය.

වන අලින්ගෙන් සියයට හැත්තෑවක් ඉන්නේ මිනිස් ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශවල බව කී මන්ත්‍රීවරයා එසේ වී ඇත්තේ මිනිසුන් අලි මංකඩ වල ගම්මාන හැදීම නිසා බව සඳහන් කළේය.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් අජිත් මාන්නප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

අලි මිනිස් ගැටුමෙන් මහා ගොඩක් පරලොව

Nimal Thursday, 07 March 2024 04:04 PM

අන්තිම අලියත් මැරෙනකම් කියව කියව හිටපන්

:       1       8

පැරකුම් Thursday, 07 March 2024 04:15 PM

“අලි-මිනිස් ගැටුම” කියල අළුත් වචනෙකුත් හදාගෙන මොනවද මේ කරන විකාර. අනිවාර්යයෙන්ම අලි ගහණය පාලනය කල යුතුය. ප්‍රමුඛතාවය මිනිසා මිස අලියා නොවේ.

:       9       2

kotiyaThursday, 07 March 2024 06:45 PM

ඇත්ත. මං නම් කියන්නේ පැරකුම් මහත්තයා ඔය අලි විතරක් නෙවෙයි, අනිත් සත්තුත් ඔක්කොම මරලා දාලා මිනිස්සු විතරක් මේ පෘතුවි තලය මත ජීවත් වෙන විදියට අපි වැඩ කටයුතු කරන්න ඕනේ. කොහෙද, අපේ පැරකුම් මහත්තයාට තේරෙන දේ මේ දේශපාලකයන්ට තේරෙන් නෑනේ. පැරකුම් මහත්තයා ඡන්දේ එහෙම ඉල්ලනවා නම් කියන්න. අපි ඔබතුමාව පාර්ලිමේන්තු යවන්න උපරිමයෙන් වැඩ කරනවා.

:       0       0

පිටරටවැසියා Thursday, 07 March 2024 07:05 PM

තනි අලියෙක්ගෙන් ලක්වැසියන්ට වන උවදුර අලි රංචුවකින් වන උවදුරටත් වඩා දරුණු වෙලා තියෙන්නේ...!

:       0       0

Perera Friday, 08 March 2024 08:13 AM

ඔය ප්‍රශ්නේ තව අවුරුදු දහයකින් විතර ඉබේම විසඳෙනවා .වනයේ අලි වඳ වී ගියාම

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site