(අංජුල මහික වීරරත්න)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගමන් වියදම් දීමනාව රුපියල් 800කින් වැඩි කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඔවුන්ට මෙතෙක් ගමන් වියදම් දීමනාව ලෙස ගෙවන ලද්දේ රුපියල් 400කි.
දැනට රටපුරා සිටින කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් ප්‍රමාණය 10.400කි. මෙම වැඩිකළ ගමන් වියදම් දීමනාව ලබා දීමට වර්ෂයකට රුපියල් මිලියන 99ක මුදලක් අවශ්‍ය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දැනට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති අරමුදල් යොදා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සඳහා ලබා දෙන ගමන් වියදම් දීමනාවේ වැඩිකළ රුපියල් 800ක මුදල ලබා දීමට පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්. ඒ.එම්.එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘපනිස ගමන් වියදම් දීමනාව ඉහලට