IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලි ගාස්තු අඩු වීමට සාපේක්‍ෂව භාණ්ඩ - සේවා මිල අඩු කළ යුතුයි

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතු බවත් එසේ භාණ්ඩ හා සේවාවල මිල පහළ දැමීමට ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (7) පැවසීය.

ජනාධිපති මාධ්‍ය ඒකකයේදී අද (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා එසේ පැවසීය.  

ගාස්තු ඉහළ ගිය අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන් ඇතුළු පොදු සේවා ව්‍යාපාරිකයන් දැක්වූ උනන්දුව මිල පහළ දැමීමට නොමැති බවත් විදුලි ගාස්තු පහළ දැමීමේ වාසිය අනිවාර්යෙන්ම ජනතාවට ලැබිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

විදුලි ගාස්තු අඩු කිරීමට පෙර ආපනශාලා හිමියන් ආහාර මිල ඉහළ දමන්නේ යැයි කළ ප්‍රචාරය මිල පහළ නොදැමීමට කළ උපක්‍රමයක් බව කී අමාත්‍යවරයා ඉන් පසුව එම වැඩි කළ මුදල අඩු කළේ යැයි පෙන්වීම ඔවුන්ගේ උපක්‍රමය වූ බව ද සඳහන් කළේය.

ආපනශාලාවල ආහාර මිලේ එවැනි අඩු කිරීමක් කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් ආපනශාලා සහ කොමිනිකේෂන් ආදි ඇතුළත් පොදු කාර්ය කොටසේ විදුලි ගාස්තුව සියයට 24 කින් අඩු කළ බවත් ඒ මහතා කීය.

ඒ අනුව ඡායාපිටපතේ සිට පොදු කාර්ය ගණයට ගැණෙන භාණ්ඩ හා සේවාවල ගාසතු අඩුවිය යුතු බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

විදුලි ගාස්තු අඩු වීමට සාපේක්‍ෂව භාණ්ඩ - සේවා මිල අඩු කළ යුතුයි

NAMAL Thursday, 07 March 2024 02:12 PM

සමහරක් ජනතාව හිතන් ඉන්නේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා රටේ ජීවණ වියදම අඩුකරනවා කියලා, නමුත් ඇත්ත තත්වය විදේශයේ ඉන්න අපේ ජනතාව ලංකාවට විදේශ විනිමය නිසි ආකාරව යැවීමෙන් සහ විදේශකයින් පැමිණීම වැඩිවීමෙන් ඩොලරයේ අඩු වීම නිසයි. ඩොලරයේ ගාණ අඩු වුණොත් අනිවාරෙන් බඩු මිලත් අඩුවිය යුතුයි. නමුත් ලංකාවේ එය වෙන්නේ නැත. පොඩි සොච්චම් ගානක් ආණ්ඩුව අඩුකරලා ජනතාව ගොනාට අන්දනවා. ජනතාව අවදි විය යුතුයි. ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි..

:       0       0

NAMAL Thursday, 07 March 2024 02:34 PM

සමහරක් ජනතාව හිතන් ඉන්නේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා රටේ ජීවන වියදම අඩුකරනවා කියලා, නමුත් ඇත්ත තත්වය විදේශයේ ඉන්න අපේ ජනතාව ලංකාවට විදේශ විනිමය නිසි ආකාරව යැවීමෙන් සහ විදේශකයින් පැමිණීම වැඩිවීමෙන් ඩොලරයේ අඩු වීම නිසයි. ඩොලරයේ ගාණ අඩු වුණොත් අනිවාර්යයෙන් බඩු මිලත් අඩුවිය යුතුයි. නමුත් ලංකාවේ එය වෙන්නේ නැත. පොඩි සොච්චම් ගාණක් ආණ්ඩුව අඩුකරලා ජනතාව ගොනාට අන්දනවා.. ජනතාව අවදි විය යුතුයි. ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි.

:       0       0

චන්දන Thursday, 07 March 2024 07:40 PM

පුළුවන් නම් අඩුකරලා පෙන්වන්න. ඊළඟ සැරේ ඡන්දේ දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site