IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පරාටේ ගැන කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු පරාටේ නීතිය අත්හිටුවන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

 බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

 පරාටේ නීතිය යටතේ ජනතාවගේ ඉඩම් ඇතුළු දේපළ වෙන්දේසි කිරීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටින බවත්, එය වැලැක්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.



අදහස් (4)

පරාටේ ගැන කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කරනවා

NAMAL Thursday, 07 March 2024 02:15 PM

සමහරක් ජනතාව හිතන් ඉන්නේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා රටේ ජීවන වියදම අඩුකරනවා කියලා, නමුත් ඇත්ත තත්වය විදේශයේ ඉන්න අපේ ජනතාව ලංකාවට විදේශ විනිමය නිසි ආකාරව යැවීමෙන් සහ විදේශකයින් පැමිණීම වැඩිවීමෙන් ඩොලරයේ අඩු වීම නිසයි. ඩොලරයේ ගාණ අඩු වුනොත් අනිවාරෙන් බඩු මිලත් අඩුවිය යුතුයි. නමුත් ලංකාවේ එය වෙන්නේ නැත. පොඩි සොච්චම් ගානක් ආණ්ඩුව අඩුකරලා ජනතාව ගොනාට අන්දනවා. ජනතාව අවදි විය යුතුයි. ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි...

:       0       0

rohsana Thursday, 07 March 2024 02:29 PM

පසුගිය දිනක පුද්ගලික රෝහලක් මෙම නීතිය යටතේ විකුණා දැමීමට තීරණය කර තිබුණා. ඇමැති මණ්ඩලයේ මේ කලබලයට හේතුව එයද? එසේ නම් එය සාධාරණද? මෙම නීතිය මීට පෙර ක්‍රියාත්මක වූයේ නැතිද? (මා දන්නා තරමින් ක්‍රියාත්මක විය). ක්‍රියාත්මක වූවා නම් ඒ ගැන ඇමැති මණ්ඩලයේ ශෛලාසනය උණු නොවීද?

:       0       0

akalanka Thursday, 07 March 2024 03:00 PM

අර නවලෝක මුදලාලි ගැන මෙච්චර ආදරයක්...!

:       0       0

Bamunuarachchi Friday, 08 March 2024 06:28 AM

බැංකු පොලු කාරයින් මාර චාන්ස් එක. ඇප නැතුව ණය අරන් පොලු තියන්න කස්ටිය දැන්ම ලෑස්ති වෙනවා ඇති. බැංකුව තැන්පත් කරුවන්ට පොලු තියයි ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site