(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී එච්.එම් ධර්මසේන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී මෙතෙක් ගෙවූ රුපියල් පනස් එක් දහසක මුදල රුපියල් තිස් පන්දාහත් හතළිස් දාහත් අතර මුදලකට අඩුකර ඇති බවත් එම මුදලද මුලින් සියයට 25 ක් ගෙවා ඉතිරි කොටස වාරික දහයකින් හෝ 12කින් ගෙවීමට පහසුකම් සැලසීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.
ඒ සඳහා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
සුළු විදුලිබිල් තියෙන නිවෙස් වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව ඔවුනට යම් කාලයක් ලබාදීමට තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට
NAMAL Thursday, 07 March 2024 03:07 PM
සමහරක් ජනතාව හිතන් ඉන්නේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා රටේ ජීවන වියදම අඩුකරනවා කියලා..., නමුත් ඇත්ත තත්වය විදේශයේ ඉන්න අපේ ජනතාව ලංකාවට විදේශ විනිමය නිසි ආකාරව යැවීමෙන් සහ විදේශකයින් පැමිණීම වැඩිවීමෙන් ඩොලරයේ අඩුවීම නිසයි. ඩොලරයේ ගාන අඩු වුණොත් අනිවාර්යයෙන් බඩු මිලත් අඩුවිය යුතුයි. නමුත් ලංකාවේ එය වෙන්නේ නැත. පොඩි සොච්චම් ගාණක් ආණ්ඩුව අඩුකරලා ජනතාව ගොනාට අන්දනවා... ජනතාව අවදිවිය යුතුයි. ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි.
Nimal Thursday, 07 March 2024 03:18 PM
මේ කාලකණ්ණි රට කාලා තියෙන හැටියට සාමාන්‍ය කෙනෙක් එහෙම නැතිව කොහොම ගෙවන්නද?
namal Thursday, 07 March 2024 05:54 PM
තව තවත් සහන ඉදිරියට... මේ පාර මිනිස්සුන් මෝඩ වෙන්නේ නැහැ ..
Bamunuarachchi Friday, 08 March 2024 06:15 AM
සීමිත කාලයකට හරි නැවත දෙන සම්බන්දතා වල ගාන අඩු කරන්න.