(ගයාන් සුරියආරච්චි සහ වසන්ත චන්ද්‍රපාල)

මත්පෙති ,අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක්  ඔයාලච්චේන  සෙම්මන්නෝඩෛ  ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගනු ලැබීය .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක කාන්තාවකි .සැකකාරිය සන්තකයේ තිබී මුදලින් රු. 86,000.00 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53 මිලි ග්‍රෑම් 240 ක්, කේරල ගංජා ග්‍රෑම් 24 මිලි ග්‍රෑම් 30 ක්   සමග මත්පෙති 1,950 ක් ජාවාරම් කිරීම සඳහා සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.