(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ ඉදිරි ක්‍රියාවලිය සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී සඳුදා (11) පැවැත්වීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ණය පිළිබඳ ආණ්ඩුව සිදු කරන සාකච්ඡා වලට විපක්ෂයේ නියෝජිතයන් සම්බන්ධ කර ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කර ඇති අතර ඒ අනුව මෙම සාකච්ඡාව කැඳවීමට කටයුතු කළ බවයි.
ප්‍රධාන විපක්ෂය ඇතුළු සියලු පක්ෂ නායකයන් කැඳවා ඔවුන්ගේ අදහස් ගෙන එම අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා අනතුරුව මූල්‍ය අරමුදල ලබාදෙන අවසාන තීන්දුව අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ යැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ෂට ආණ්ඩුවට රිංගන්න බැරි හිතේ අමාරුව තියෙන්නේ, විපක්ෂයෙන් මොනවා කිව්වත් රනිල් කරන්නේ තමන්ට ඕනා එක. ඊට පස්සෙ රටට කියයි විපක්ෂයත් එක්කත් සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ කියලා. එතකොට මේ මෝඩ විපක්ෂට. සිද්ධ වෙනවා රට විනාශ කරන, රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන රනිල් ගේ තීරණ වලට කර ගහන්න, ඒක නොදන්නා හරක් තමයි ඔය විපක්ෂයේ ඉන්නේ.