
(කාංචන කුමාර ආරියදාස)
දිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් හබරණදී විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය.
මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මහියංගණයේ ග්‍රාමාරක්ෂ භටයකුගේ වෙඩි පහරකා ලක්ව තුවාල ලබා සිටි සීතා ඇතින්නගේ හිමිකාරීත්වය දරන මහරගම එස්. එන්. රොෂාන් මහතාගේ සංකල්පයකට අනුව බව හීලෑ අලි ඇතුන්ගේ සංගමය කියයි.
මහියංගනයේදී වෙඩි වැදී තුවාල ලබා සුව අතට පත් වූ සීතා ඇතින්න හබරණරෝහලට ගෙන්වා තිබුණු අතර ඇයගෙන් හීලෑ අලි පැටවුන් බෝ කිරීමට අභිජනනය කිරීමේ මංගල කටයුත්තද සිදුකිරීම විශේෂත්වයකි.
හීලෑ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමට අමතරව ඇත් ගොව්වන් නමින් හැඳින්වෙන ඇතුන් ගන්නා ශිල්පීන් හස්ති පාලකවරුන් පුහුණු කිරීමේ කටයුතුද මෙම ස්ථානයේදී ක්‍රියාත්මක වන බවත් දිවයිනේ ප්‍රථම වතාවට මෙවැනි ස්ථානයක් ආරම්භ කිරීමට හැකිවීම ගැන තමන් බලවත් සේ සතුටට පත්වන බව පාරම්පරික අලි හිමිකරුකු වන රොෂාන් මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd