(රංජන් කස්තුරි )

රොඩ්නි විදාන පතිරණ විසින් රචිත ලන්ඩන් උණුසුම නවකතාවේ දෙමළ පරිවර්තනය ලන්ඩන් වෙන්මයි කෘතිය 2023 වසරේ හොඳම දෙමළ පරිවර්තනය ලෙස සම්මාන හිමි කරගෙන තිබේ.

 එම කෘතියට හිමි තුරෙයිවි සම්මානය පිරිනැමීමේ උත්සවය හෙට (9) වැල්ලවත්ත දෙමළ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ලන්ඩනයේ ජීවත්වන සිංහල දෙමළ බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ඇතුළු විවිධ ජන කොට මුහුණ දෙන විවිධ සමාජීය ගැටළු සාකච්ඡා කරන මෙම නවකතාව දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද්දේ කවියකු මෙන්ම අධ්‍යාපන නිලධාරියෙකුද වන එස් මුදලිදරන් මහතා විසිනි.