(සුජිත් හේවාජුලිගේ )
අරගලය උත්සන්න වීමත් සමග ආරක්ෂක හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය ජුනි මස 8 වැනිදා ජනාධිපති මන්දිරයට ගෙන ඒමට තමා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මේ අනුව ආරක්ෂක ලේකම් යුද නාවික ගුවන් හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ මෙහෙයුම් මැදිරියට ගෙන්වා ගත්තද ඉන් ප්‍රතිඵලයක් අත් නොවූ බව ඔහු සඳහන් කළේය.
මේ තොරතුරු සඳහන් වන්නේ ජනාධිපති ධුරයෙන් මා නිරපීමේ කුමන්ත්‍රණය නමැති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියූ ග්‍රන්ථයේය.
මෙම ග්‍රන්ථය වෙළඳපොළට ඊයේ (7)නිකුත් කෙරිණි.
ගාලු මුවදොර විරෝධතා ආරම්භ වී දින කිහිපයකට පසු කොටුව ජනපති මන්දිරය ඉදිරිපිට චෛත්‍ය පාර අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන් උත්සාහ කරන බවට තමාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් තොරතුරු ලැබුණු බවත් මෙම තොරතුරු ලැබීමෙන් පසු චෛත්‍ය පාරට ඇතුළුවන පිවිසුම අවහිර කිරීමට ට්‍රක් රථ කිහිපයක් එම ස්ථානයට ගෙනවිත් රැඳවූ බවත් මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.
මෙය සිදුවූ මොහොතේම යුරෝපීය තානාපතිවරුන් දෙදෙනකු මහත් කලබලයෙන් තමාට කතා කර විරෝධතා කරුවන් ගාලු මෝදොරින් පලවා හැරීමට සූදානම් වෙනවාදැයි විමසා සිටි බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාකරුවන් ගාලුමෝදර රැඳී සිටිනු දැකීමට ඔවුන් තුළ දැඩි උනන්දුවක් තිබුණු බව ප්‍රකාශ කරයි.
තමා නිරපීමට ගත් ක්‍රියාමාර්ග තුළ විදේශීය හස්තියා ක්‍රියාත්මක නොවූ බවට විශ්වාස කළ හැක්කේ ඉතාමත්ම බොළඳ පුද්ගලයකුට පමණක් බව පවසන රාජපක්ෂ මහතාතමා බලයට පත්වීමම ඇතැම් විදේශ බලවේගවල මහත් කනස්සල්ලට හේතු වී තිබූ බව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
නව ජනාධිපති ඇවිත් ටික කලක් යනකොට විදේශ බලවේගවල වලට වඩා රටේ ජනතාව කනස්සල්ලට පත් උනා. අරගලයට මුල එතන.
පිස්සෙක් සමඟ දෙවසරක් අයියෝ පව්
නොහැකියාව කියල පොතට නම දාන්න තිබ්බේ
ලංකාවේ තෙල් පොලිං හැදුවේ බටහිර කුමන්ත්‍රණයයි ලංකාවේ ගෑස් පොලිං හැදුවේ බටහිර කුමන්ත්‍රණයයි කරන්ට් කැපුවේ බටහිර කුමන්ත්‍රණයයි සිනිවලින් - පොල්තෙල් වලින් හොර කම් කලේ බටහිර කුමන්ත්‍රණයයි කොරොනා කාලයේ මිත්‍යාව සමාජ ගත කලේ බටහිර කුමන්ත්‍රණයයි මං තමයි හොඳටම කලේ කියා වාසි බස් දෙඩුවේ බටහිර කුමන්ත්‍රණ කරුවන් කි නිසායි ගම සමඟ පිලිසඳර නම් විගඩම කලේ බටහිර කුමන්ත්‍රණ කරුවන් කි නිසායි ඥානාගේ සාස්තර අහගෙන මිත්‍යව අදහමින් ජනාධිපති කම් කලේ බටහිර කුමන්ත්‍රණ කරුවන් කි නිසායි 69 ලක්ෂයක් ඡන්ද අරෙගෙන, අවසානයේ රට "කෙලවා" බටහිර කුමන්ත්‍රණ කරුවන් කි නිසායි!!!
කොවිඩ් වෙලාවේ ඉන්දියාව බංගලාදේශේ තම ශ්‍රමිකයෝ ගෙන්වාගන්න විශේෂ ගුවන් යන දමනකොට , තමන්ට චන්දෙ දෙන්න කොඩි අරගෙන ආව විදේශ ශ්‍රමිකයට කොවිඩ් වෙලාවේ ලෝකේ කිසිම රටක් නොකළ විදිහට රටේ දොර වහල දැම්ම , , ඊට පස්සේ නිරෝධන හෝටල් කියල එකක් දමාගෙන ගජ මිතුරන්න්ට ඕනේ විදිහට ගසකන්න දුන්න , ගොවියාගේ පොහොර ටික තහනම් කල , චීන අසුචි පොහොර නැවෙන් ඇමතිලා ගසකාවා , අන්තිමට හොද්දට දමන්න කහ ටිකත් නැතිකළ මිනිස්සුන්ට කන්න නැති වුන , නිසි වෙලාවට IMF එකට නොගිය නිසා රට එකවර බංකොලොත් වුන , පැට්‍රොල් නැතිවුණා , සංචාරක කර්මන්තෙත් කඩ වැටුන , මිනිස්සු ටික පාරට බැහැලා දුරධාන්ත අසාර්ථක පාලකයාව එලවා දැම්මා , වෙන මොනවා කරන්නද ? කන්න නැතුව මැරෙන්නද කියන්නේ ?අර බදුලු කෝච්චියේ වඩේ වික්ක මත්රිට හෝ තංගල්ලේ අමු මාළු කෑව මන්ත්‍රීට ජනාධිපතිකම දුන්න නම් මීට වැඩිය හොඳට කරවී
මේයා යුද්ධේ දරුණුවට යන කලෙත් යුධ කරන්න සුදුසු ශාරීරික සහ මානසික තත්වයක් නැහැ කියල එවකට තිබුන ශ්‍රී ල නි ප ආණ්ඩුවේ දේශපාලන සමබන්ධකම් උපයෝගී කරගෙන බොරුවට සහතික කරගෙන හමුදාවෙන් ඉවත්වෙලා ඇමරිකාවට පැනල ගිහින් එහෙ ෂෙඩ් එකක පැට්‍රොල් ගැහුවා ,ජනාධිපති වුනහම ,ඇතිවෙන ජනතා විරෝධය හමුවේ නැවතත් පැනල ගියා , මෙයා රට රකින වීරයෙක් නොවේ බය ගුල්ලෙක් , බලාගෙන ගියහම යුද්දේ සැලසුම් කරලා කරගෙන ගිහින් තිබෙන්නේ එවකට සිටි ෆොන්සේකා මහතා ප්‍රමුක ත්‍රිවිධ හමුදාපතිවරු සහ නිලධාරීන් ,බලාගෙන ගියහම අරක මේක බැහැ කියන රනිල්ටත් මෙයාට වැඩිය පවුරුෂත්වයක් තිබෙනවා
රටවැසියාට ස්තුතියි... මතක්කළාට මට අනුරාධපුරේ ඥාණක්කාගේ සාස්තර අහලා හොඳම නාගත්ත එක..., ගජමිතුරු විල්මන් මුදලාලිගේ සීනි ගනුදෙනුව, පොල්තෙල් ඩීල් එක, ගම සමග පිළිසඳරක් කියලා අට්ටාලවල මිනිස්සු නග්ගවලා නටපු නාඩගම, කොරෝනා මළමිනී පුච්චලා ජති බේදේ නැවත අවුලවන්න හදපු එක... ජපානෙන් 0,01% පොලියට සහනාධාර ක්‍රමයට ලැබුන සැහැල්ලු දුම්රියේ කන්ටේනර් පෙට්ටි පටවන්න බැහැ කියලා ලලිතසිරි කියපු එක අහලා, ප්‍රොජෙක්ට් එක නවතපු එක අමතක වුණා. මේ ඔක්කෝම ඉවසගෙන ඉන්න ඔබතුමා හිතන් ඉන්නේ අපේ රටේ මිනිස්සු සියලුදෙනාම ඔබතුමා වගේ මෝඩ බියගුල්ලෝ රොත්තක් කියලාද?
මිනිසුන්ට කන්න බොන්න නැති වුණාම, රැකියාවක් ව්‍යාපාරයක් කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික නැතිවුණාම, ලෙඩට බෙහෙත් ටික නැතිවුණාම, සාමකාමී උද්ඝෝෂකයින්ට පිට පළාත්වලින් බස් පුරවලා බයියෝ ගෙනත් පහර දෙනකොට මිනිස්සු එළියට බැහැලා ප්‍රතිප්‍රහාර දීලා පාලකයා එලවන එක නිරායාසයෙන්ම සිදුවෙනවා.. ඒකට විදේශ තානාපතිවරු අවශ්‍ය නැහැ... එහෙම නොකළානම් අදත් අපි බඩගින්නේ...!
මේක වෙන කවුරුහරි ලියපු පොතක්..., කොලයක් බලාගෙන රැස්වීමක කතා කළත් වචන පැටලැවෙනවා. පොතක් ලියන්න තරම් සාහිත්‍ය හෝ වෙනත් දේවල් ගැන දැනුමක් නැහැ. ඉතිහාසය බලනකොට පෙනෙනවා මොහු බොහෝ විට බලයට පත් කරන්නේ වෙනත් කෙනෙකු හෝ කණ්ඩායමක් බව... ඇමරිකාවේ පැට්‍රල් ෂෙඩ් එකක වැඩකරමින් ජීවත් වුණු මොහු ආරක්ෂක ලේකම් වුණේ සහෝදරයා ජනාධිපති වුණුනිසා, යුද්ධය දිනුවේ ෆොන්සේකා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ සැලසුම් සහ සෙසු නිලධාරීන්ගේ කැපවීම නිසා, 2015 පරදුණාම නැවත ඇමරිකාවට ගොස් සිටි මොහු නැවත 2019 ජනාධිපති වුනේ මහින්ද, බැසිල්, විමල්, සහ හමුදා බුද්ධි අංශවල සැලසුම් නිසා, ජනාධිපති වුණාට පස්සේ ළඟ සිටි ගජමිතුරු සෙට් එක දිවිපුදා හෝ රට රැකගන්න චේතනාවෙන් සිටි 2006-2009 සිටි ත්‍රිවිධ හමුදා සෙට් සෙට් එකට වැඩිය ගොඩක් වෙනස්...
මිනිස්සුන්ට වගා කරගෙන ජීවත්වෙන්න සහ රටට ආහාර සුරක්ෂිතතාව ලබාදීමට තිබූ හැකියාව නැතිකළ අඥාන පාලකයා. අර්බුද අවස්ථාවක බුද්ධිමත් පාලකයෝ කරන්නේ ආහාර සැපයුම තහවුරු කිරීම. මේ පුද්ගලයා කළේ වගාකිරීම නතරවන තැනට කටයුතු කිරීම.