(පද්මසිරි ගාර්දියවසම් )                          

බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත රිදී කඩුවක් ළඟ තබාගත්  හිටපු දකුණු පළාත් සභා (එ.ජා.ප) මන්ත්‍රීවරයකු ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ප්‍රදේශයේදී පමණ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය . 

සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා ලුණුගම්වෙහෙර පොලිසියට බාර දී ඇත.   

කොළඹ ප්‍රදේශයේ අයෙකු රන් ආලේපිත කඩුව තිස්සමහාරාම ප්‍රදේශයේ අයෙකුට ලබා දෙන ලෙස පවසා තමාට බාරදුන් බවත් දෙදෙනාම නොහදුනන බවටත් සැකකරු ප්‍රකාශ කරන බව උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය