(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති නිවසේදී ඊයේ (7) රාත්‍රී සිදුවිය.
බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය.
අනාගත දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුවී ඇති අතර තවත් ඉදිරි සාකච්ඡාවක් සඳහා ද මෙහිදී දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කෙරුවත් වැඩක් නැහැ මෙදා සැරේ කට්ටියටම ගෙදර යන ගමන් වැලිකඩත් යන්න පුළුවන්.
හොඳ හොඳ එළිවෙන ජාමෙට තමයි
නිර්පාක්ෂික සාකච්ඡාවක්... කෝපි එහෙමත් බොන්න ඇති මයේ හිතේ ...
සෙල්ලන්ද කොල්ලෝ
විධායක බලය අතේ තියෙන ගමන් මුලින් පා'ලිමේන්තු මැතිවරණය තියලා මොන උප්පරවට්ටියෙන් හරි ආසන ටික දිනාගෙන ඊට පස්සේ ජනාධිපති කම තියාගෙන හරි නැතිනම් ඒක අහෝසි කරලා හරි කට්ටිය හවුලේ දිගටම බලයේ ඉන්න වගෙයි මෙදා සැරේ ප්ලැන ගහගෙන ඇවිත් ඉන්නේ. එහෙම වුනොත් අපිට වෙන්නේ දිගටම වැදි බණ අහ අහා ඉන්නයි. වෙන්න යන දේ ගැන කවුරුත් කල්පනාවෙන් හිටියොත් හොඳයි.
ආර්තිකය විනාශ කරපු දූෂිතයෝ ඊළගට ගහන ගේම ගැන සාකච්ඡා කරන්න ඇති...
සමහරු තාම කියනවා ජනාධිපති නිර්පාක්ෂිකයිලු...!
අනිවාර්යයෙන්ම නතිය මගින් මේ අයට දඬුවම් දෙන්න ඕනෑ.
එකම තුන්දෙනෙක් සෑම ප්‍රතිචාර වලටම අකැමැත්ත දක්වනවා...! පව් ඉතින් පඩියට වැඩ ඇති...