පළාත් රැසකට අදත් වැසි රහිත කාලගුණයක් ඌව පළාතේත් අම්පාර,මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 25 August 2023
කුලියාපිටියේ වෙඩි තැබීමක් අයෙක් තුවාල ලබයි කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි හෙට්ටිපොල පොලිසිය කියයි. 25 August 2023
මට්ටක්කුලියේ දෙපිරිසක් ගැටී තරුණයෙක් මරුට මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ඊයේ (24) රාත්‍රී හටගත් ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස්,තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි මට්ටක්කුලිය පොලිසිය පවසයි. 25 August 2023
මාළු අල්ලන්න ගිහින් අලි පහරින් මරුට මිතුරන් පස්දෙනකු සමඟ කන්දකැටිය පතහගල උමාඔයේ මාලු ඇල්ලීමට ගිය පුද්ගලයකු වන අලියකු පහරදීමෙන් මියගිය බවත්, සෙසු පිරිස ගස්වලට නැග දිවි බේරාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 25 August 2023
‘වැග්නර්’ ලොක්කා ගැන පුටින් අදහස් දක්වයි ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින් සහ ‘වැග්නර්’ බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවමින් සිදුවුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් දැක්වීමක් කළේය. 25 August 2023
මාකඳුරේ කුඹුක් රක්ෂිතයක් ගින්නෙන් වැනසේ කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ මාකඳුර 31 කණුව ආසන්නයේ මාර්ග රක්ෂිතයේ වගාකර තිබූ කුඹුක් ගස් රැසක් අද 24 දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් විනාශවී ඇති බව පන්නල පොලීසිය කියයි. 24 August 2023
ප්‍රදේශ කීපයකට හෙට දැඩි උණුසුමක් ප්‍රදේශ කීපයකට හෙට (25) උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 24 August 2023
සරුංගල් යැවූ දරුවකුට විසක් දීලා? සරුංගල් යවමින් සිටි කුඩා දරුවකුට නාඳුනන පුද්ගලයකු ලබා දුන් බව කියන අයිස් බීම පැකට්ටුවක් පානය කිරීමෙන් අනතුරුව රෝගාතුර වු බව කියන එම දරුවා හොරණ රෝහලට ඇතුළති කර ඇත. 24 August 2023
දිඹූලාගල විදුලිය කපයි: භික්ෂූන්ගේ ජීවිත අවදානමක සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය දෙවන වරටත් අද විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලං කාර නාහිමියෝ පැවසූහ. 24 August 2023
රත්මලානේ මස් ව්‍යාපාරික ඝාතනයට රගර් ක්‍රීඩකයා මාට්ටු රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රගර් ක්‍රීඩකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 24 August 2023
සරසවි ආචාර්යවරු තව 1000 ක් වත් ඕනෑ රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය වරුන් 12, 992 ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ ආචාර්යවරුන් 6548 දෙනකු පමණක් බවත් සරසවි යථාපරිදි පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් ආචාර්යවරුන් දහසක්වත් කඩිනමින් බඳවා ගත යුතු බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) පැවසීය. 24 August 2023
පොලිසිය පන්නද්දී ඉස්සූ ජීප් රිය අධිවේගියේ දමා සැකකරුවෝ පැන දුවති ගාල්ල බද්දේගම ප්‍රෙද්ශයෙන් පැහැර ගත් සුඛෝපභෝගී ජීප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් නැවතීමට කළ සංඥාවත් සමගම කිලෝමීටර් 9.2 වීදියගොඩ ප්‍රෙද්ශයේ දී ජීප් රථය අත්හැර දමා එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි 24 August 2023
පිරිවෙන් ගුරුවරුන්ට විශ්‍රාම වැටුප් පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය. 24 August 2023
කිසිම බුද්ධි තොරතුරක් ලැබී නෑ රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. 24 August 2023
තවත් පිපිරීමක්: සභාව දැනුවත් කරන්න ජාති ආගම් ඝට්ටනයක් හරහා සිදුවන තවත් පිපිරීමක් ගැන සඳහන් විදේශ බුද්ධි අංශ වාර්තාවක් සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර ඇති හෙයින් ඒ ගැන වහා තොරතුරු සොයා බලා මේ සභාව දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ඉල්ලීමක් කළේය. 24 August 2023
කතරගමදී කාන්තාවක් පැහැරගෙන ගිහින් ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් ගමන් ගත් කාන්තාවක් පෙරියගම මාර්ගයේ ගල් වල අසලදී අද ( 24)දහවල් කාලයේවැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව කතරගම පොලිසිය පවසයි. 24 August 2023
ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රිමාන්ඩ් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට කූඨ ලේඛන සකසා සිසුවියන් 29 දෙනෙකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි එම විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු සැප්තැම්බර් මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය . 24 August 2023
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් තුළ අද (24) පෙම්වතා විසින් සිය පෙම්වතිය ඝාතනය කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය කියයි. 24 August 2023
දුම්රිය විදුලි සේවකයන්ගේ වර්ජනයෙන් මගීහු අතරමං දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද (24) දිනයේත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා පස්වරුවේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. 24 August 2023
තවත් ප්‍රතිජිවක ඖෂධ ඛාණ්ඩ තුනක් ඉවතට ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සදහා භාවිතා කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නැමති ප්‍රතිජිවක ඖෂධයේ තවත් ඛාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 24 August 2023
විදුලිය බිඳ වැටුණේ ජල විදුලිය නැති වීමෙන් හම්බන්තොට, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වල ප්‍රදේශ රැසකට ඊයේ (23) රාත්‍රී විදුලිය බිඳ වැටටීම හේතුව සමනලවැව සහ ලක්ෂපාන යන ජලාශවලින් ජනනය කරන විදුලිය ප්‍රමාණය අවමවීම බවත් දකුණ පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ විදුලි ඉල්ලුම සම්පූර්ණය කිරීමට වෙනත් ජලාශවලින් විදුලිය ගෙඒමේදී සම්ප්‍රේෂණ බිඳවැටුණු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 August 2023
සක්විති දෙවන වාරිකයත් අධිකරණයේ තැන්පත් කරයි සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ අධිකරණයේ අද තැන්පත් කළේය. 24 August 2023
හොරු ගැන හොයන්න හොරුන්ට කියනවා හොරු ගැන හොයන්න හොරුන්ට කියන බව ’’ශ්‍රී ලංකා ක්‍රිකට්’’ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 August 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ රිජ්වේ ළමා රෝහලට යති රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක ඇතුළු සාමාජිකයෝ අද (24) එම රෝහලේ සංචාරය කළහ. 24 August 2023
පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට හිරිහැර එපා ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් කරන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණ සභාවේ ගරුත්වයට නොගැලපෙන බව කථානායක නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 24 August 2023
කතානායකගෙන් පණිවුඩයක් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ නිලධාරීන්ට සහ සෙසු නිලධාරීන්ට තර්ජනය කිරීමෙන් පදනම් විරහිත චෝදනා නැගීමෙන් සහ දෝෂාරෝපණ කිරීමෙන් වළකින ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (24 )ඉල්ලීමක් කළේය. 24 August 2023
මහ කන්නය තෙක් රට හාල් ඕන නෑ පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 August 2023
ගම්පහ ගුරුවරු උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වෙති ගම්පහ ඝෝතමි සහ සිද්ධාර්ථ විදුහල්වල පිහිටි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ මධ්‍යස්ථානවල ගුරුවරු උත්තරපත්‍ර පරීක්ෂවෙන් ඉවත්ව මේ වන විට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතරව සිටිති. 24 August 2023
පොලීසියට තග දැමූ විශ්‍රාමික සෙබළාට වැඩ වරදී පැමිණිල්ලක් විභාගයකට ගිය තෙල්දෙණිය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පිහියකින් පහර දී සහ අතක් සපා කා තුවාල කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි. 24 August 2023
ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් පාර්ලිමේන්තුවේ දී එළියට ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් 14 දෙනෙක් රුපියල් හය කෝටි හැත්තෑ හය ලක්ෂ අනූ තුන් දහස් හයසිය හැත්තෑ නවයක මුදලක් වියදම්කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය. 24 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026