(සුජිත් හේවාජුලිගේ )
අධික විදුලි බිල් සහ ජල බිල් ගෙවීම දුෂ්කර බව පවසමින් ජනතාව මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පැමිණ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම විශාල වශයෙන් වැඩිවී ඇතැයි වාර්තාවේ.
තමන්ගේ නිවෙස්වලට විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන ජනතාවගෙන් වැඩි පිරිසක් විදුලි බිල් සහ ජල බිල් පිළිබඳ ප්‍රශ්න රැගෙන පැමිණෙන අය බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.
විදුලි බිල් නිසි වෙලාවට නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කෙරුණු නිවෙස්වල හිමිකරුවන් විශාල පිරිසක්ද උදව් බලාපොරොත්තුවෙන් දිනපතා පැමිණෙන බව ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසූවේ විදුලි බිල පිළිබඳ ප්‍රශ්න රැගෙන ජනතාව නිවෙසට පැමිණීම වැඩිවී ඇති බවයි.
කෙසේ වෙතත් ජනතා සේවයට කැපවන මන්ත්‍රීවරුන් ලෙස ඒ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමට සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ජනතාව විදුලිය පාවිච්චි කරන දවසක කොළඹ ඇවිල්ලා නඩුවට බලපෑම් කරන්න ඕනෑ හොඳින් හෝ නරකින්... එදා ගෝඨාභය එළවන්න ආවා වගේ ජනතාව ඒකරාශි වුණාම ආණ්ඩුව බයවෙනවා.
සැවොම ගැන නෙවෙයි, ඔය සමහර බිල ගෙවාගන්න බැහැ කියන අයගේ චර්යාව බැලුවොත්, සිම්කාඩ් දෙකතුනක්, කඩෙන් කොත්තු රයිස් කන, ලඟම තියෙන තැනටවත් පයින් නොයන ජන කොටස් තමයි ඉල්ලන් කෑම තමයි ජාන ගත පුරුදු...!
කොහෙද ඉතින් අපිට නාමල්ට වගේ විදුලි බිල ගෙවලා දෙන්නට කෙනෙක් නැහැනේ...
ඔගොල්ලත් ආණ්ඩුවක් පිහිටපු දවසකට ඒවාට ඇහුම් කන් දෙන්නේ නැත .ඊට පස්සේ ඒවාට ඇහුම් කන් දෙන්නේ පැරදිලා ආපහු විපක්ෂෙට යන සෙට් එක තමයි .ඕක තමා ලංකාවේ සිස්ටම් එක.රැවටෙන්නේ මහජනතාව හැමදාම