(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.

එමෙන්ම කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවද ජලාශභාර ඉංජිනේරුවන් කීය.

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ මිලීමීටර් 38ක් සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රෙදේශලවට මිලිමීටර් 45ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම ජලාශභාර ඉංජින්රුවන් කියා සිටියේ.