(එම්.සුසිල් පියන්ත සහ ජනත් ද සිල්වා)
ඇල්පිටිය තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමකදි, තිබි ගෙල කපා ඝාතනය කරන ලද දැරියකගේ මළසිරුරක් අද (9) සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ කරන්දෙණිය මණ්ඩකන්ද තල්ගහවත්ත පදිංචි වන්නි ආරච්චි කංකානම්ගේ හංසිකා නදීෂා දාහත් හැවිරිදි දැරියක බවද පොලීසිය කියයි.
මේ තරුණිය ඥාතියකු විසින් ත්‍රිරෝද රථයකින් තවත් කිහිප දෙනකු සමග පැමිණ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි අනාවරණයවූ බවද පොලීසිය කියයි.
මෙය ඔවුන්ගේ වැඩක්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd