(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජා ඇල දඬුගම මස් වත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.
තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු 48 ක් වන දඬුගම මස් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලද පුද්ගලයා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කරන ලද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd