(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල )
ඉංගිරිය ඇලබඩ පාරේ නිවසකට තවත් පිරිසක් එක්ව ගොස් පහර දී දේපලවලට අලාභ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල පොලිසියට අනුයුක්තව කොට්ඨාස බුද්ධි අංශයේ සේවය කරන ආධුනික කොස්තාපල්වරයෙකි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා තවත් පිරිසක් සමග ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ හෝටලයක ආහාර ගනිමින් සිටි තවත් පිරිසක් සමග ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය කියයි.
එහිදී කොස්තාපල්වරයාගේ පාර්ශවයේ පිරිස අනෙක් පාර්ශවයේ ආහාර ගනිමින් සිටි මේසයේ තිබෙන ආහාර ඔවුන්ගේ ඇඟ මතට වැටෙන සේ පෙරළා දමා දැඩි කලබලකාරී තත්ත්වයක් එහි ඇතිකර ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි තව පිරිසක් දෙපාර්ශ්වයම සමත කර දෙපසට කර විසුරුවා ආරවුල සංසිඳුවා ඇති අතර සැකකාර කොස්තාපල්වරයා විසින් පිරිසක් සමග එදින රාත්‍රී ඉංගිරිය ඇලබඩ පාරේ නිවසක ට කඩා වැදී දොර ජනේල වලට සහ දේපළ වලට පහරදී තිබූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධුනික වුණත් තමයි පොලිසියේ කියලා ඔලුව උදුම්මාගත් මෝඩයෙක් කියලා තමයි කියන්න වෙන්නේ හරි නම් දැන් ඉතින් රැකියාවත් නැතුව හිරේ විලංගුවේ වැටෙන්න තමයි වෙන්නේ නිදහස් කළොත් රටට ශාපයක් වෙනවා...