කටුනායක - කොළඹ සුඛෝපභෝගී බස් වර්ජනයක් මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ උදෑසන වර්ජනයක් ආරම්භ කර තිබේ. 27 August 2023
රාජ නියමයට අනුව ආදීවාසීන් මී පැණි පුදති ඇසළ මංගල්‍ය නිමිත්තෙන් සාම්ප්‍රදායිකව වර්ෂයක් පාසා දඹාන ආදිවාසීන් සිදුකරන මී පැණි පූජාව ආදිවාසි නායක වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසීහු සිදු කළහ. 27 August 2023
කෝටි හතේ මැණික ඉස්සූ කම්කරුවා සොයයි ලග්ගල පොලිස් වසමට අයත් දේවාලදෙණිය, ඇල්පිටිය වත්තේ පිහිටි මැණික් ඉල්ලම් ගැරුම් පොළකදීහමු වී තිබූ රුපියල් කෝටි හතක් වටිනා මැණික් ගලක් සොරාගෙන ගියේ යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 27 August 2023
පිරමීඩ් ජාවාරමක මහමොළකරුවෙක් දැලේ කොළඹ වරාය නගරයේ ආයෝජකයෙකු බව පවසමින් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමක් හරහා උපයාගෙන කැසිනෝ ගසා වැය වූ කෝටි හතරකට අධික මුදල කොල්ල කෑ බව ගණුදෙනුකරුවන්ට හැගවීමට ව්‍යාජ පැමිණිල්ලක් කළ පිරමීඩ ජාවාරමේ චීන ජාතික මහ මොළකරුවකු ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 27 August 2023
අතුරුදන් වූ මෙහෙණින්වහන්සේලා තිදෙනා නුවරඑලියෙන් හමුවෙයි මිනුවන්ගොඩ බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමය සිට අඅතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් මෙහෙනින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන ඇත. 27 August 2023
දැරිය ජල ටැංකියට බිලි වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි. 27 August 2023
මට්ටක්කුලියේ ඝාතනයට උපකාරක ගුරා,පාසල් සිසුවෙකු අතුළු 5ක් මාට්ටු මට්ටක්කුලිය ,ජෝර්ජ් පීරිස් මාවතේ දී පුද්ගලයකුට ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි කියන පෞද්ගලික උපකාරක ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු මට්ටක්කුලිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 27 August 2023
පළාත් දෙකකට පොඩි වැස්සක්:සෙසු පළාත්වලට වැස්ස නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 August 2023
මහා පරිමාණ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති 6ක් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 2030 වසර වන විට සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සම්පූර්ණ කිරීම සදහා මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘතිය 6 ක් ස්ථාපිත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 August 2023
එන්නතක් විෂවීමෙන් තවත් මරණයක්? කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියක් ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව මරණයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. 26 August 2023
මාස අටේ දැරියගේ මරණය සැකයක් ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ. 26 August 2023
උතුරු නැගෙනහිර බලශක්තිය සිංගප්පූරුවට යවන්න සාකච්ඡා සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාල විෂය බාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම කටයුතු ඉදිරියට ගෙනයාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 26 August 2023
මිනුවන්ගොඩ ආරාමයක මෙහෙනින් වහන්සේ තිදෙනකු සහ තරුණියක් අතුරුදන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ අවුරුදු 12 ,15 සහ 18 යන වයසේ පසුවන මෙහෙනින් වහන්සේලා තුන් නමක් සමග 24 වැනි දා සිට අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 26 August 2023
සිව් දරු මව මරා කලපුවේ සඟවලා අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සිව්දරු මවකගේ සිරුර නොරෝච්චෝල ශේතපොල කලපුවේ තිබී හමු වූ බව නොරෝච්චෝල පොලිසිය කියයි. 26 August 2023
බස් - බස් ගැටී හයක් රෝහලට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දං ඕවිට රන්කෝවිට කඹුරාදෙණිය හන්දියේ දී අද හවස බස් දෙකක් ගැටී සිදු වූ අනතුරකින් 6 දෙනකු බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇතැයි දංඕවිට පොලිසිය පවසයි. 26 August 2023
ඉන්දියාවේ දුම්රියක ගින්නක් 10 ක් මරු: 20 ක් රෝහලේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ, මධුරායි දුම්රිය ස්ථානයේ දුම්රියක මැදිරි කීපයක් ගිනිගත්තේය. 26 August 2023
ඉන්දියාව ඉරත් අල්ලන්න සූදානම් ‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථක සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි. 26 August 2023
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳුදා අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි 26 August 2023
වෑන්-යතුරු පැදි අනතුරින් දැරියක් මරුට ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ කනත්ත හන්දියේදි සිදුවු වෑන් රථ යතුරු පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දැරියක් අද (26) අළුයම මිය ගිය අතර එම යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවක් හා තවත් දැරියක් තුවාල ලැබු බව වරාය පොලිසිය කියයි. 26 August 2023
අනංගයන් තවත් පිරිසකට වැඩ වරදින හැඩ පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් තවත් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. 26 August 2023
නියඟයට සහාන ගන්න කෝටි 10,000 ආභරණ උකස් පොළට අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලින් පැවසේ. 26 August 2023
සංගිතය අස්සේ වලියක් පාලින්දනුවර මහජන ක්‍රීඩාංගනයේදී පැවැති සංගීත සංදර්ශනයක් අතර සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබී අයකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 26 August 2023
හැටේ ඇවිත් අඩි 50ක් ප්‍රපාතයේ හැටන් සිට ලිදුල දක්වා ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වෑන් රථයේ රියදුරා සහ අයිතිකරු තුවාල ලබා ඇත. 26 August 2023
ඉදිරි මාස තුනකට බිත්තර ආනයනයට අවසර බිත්තර ආනයනය කිරීමට ඉදිරි මාස තුනකට ද අනුමැතිය දැනටම ලැබී ඇති බවත් ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 26 August 2023
අදත් වැස්සක් නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 August 2023
මොරගහකන්දත් හිඳෙයි පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවති. 26 August 2023
බේරේ වැව සුවඳ කරන්න සමාගමකට පවරයි කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ. 26 August 2023
බොරු සහතික දී ඩී.ජී වෙලා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර වසර දොළහකට වැඩි කාලයක් එම ආයතනයේ සේවය කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 25 August 2023
පෙර පාසල් ගුරුවරුන්ට වැටුපක් පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 25 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026