වේයන්ගෙඩ ඉන්ධන හල ජලයෙන් යටවී වේයන්ගොඩ නගරයේ දුම්රිය මාර්ගය සමීපයේ පිහිටි ඉන්ධන පිරවුම් හල අද පස්වරුව වන විට වැසි ජලයෙන් යට වී ගියේය. 06 November 2023
වේයන්ගොඩ සැඩ සුළඟකින් නිවාස 25 කට හානි වේයන්ගොඩ වදුරව ප්‍රදේශයට අද (6) පස්වරුවේ හමා ගිය සැඩ සුලගක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25 කට පමන හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පැවසීය . 06 November 2023
ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් අද (6)පත් කරනු ලැබීය. 06 November 2023
හොරණට හැමූ සුළඟකින් ගෙවල් 11 කට හානි හොරණ වවුලුගල ග්‍රීන් පාක් නිවාස සංකීර්ණය හරහා අද (6) සවස හමා ගිය සුළඟකින් නිවාස 11 කට අලාභානි සිදු වී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පොලිසිය සඳහන් කරයි 06 November 2023
අතුල ශ්‍රී ගමගේ දිවි සැරිය නිමවයි ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත විය. 90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියෙහි පසුවිය. 06 November 2023
රාජ්‍ය සේවය දියුණු කරන්න අනු කමිටුවක් සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කෙරුණු බව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 06 November 2023
රන් වංචාවෙන් මන්ත්‍රී සබ්රි වැරදිකරු වේ:පක්ෂයෙන් නෙරපයි රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත. 06 November 2023
අයවැයෙන් අධ්‍යාපනයට බිලියන 237ක් මෙවර අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 06 November 2023
ටයිම් අවුට් න්‍යායෙන් මැතිව්ස් අවුට් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව නියමිත කාලය තුළ පන්දුවට පහර නොදීමේ වරදට හසුව අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී දැවී ගිය පළමු පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් මීට සුළු මොහොතකට පෙර දැවී ගියේය. 06 November 2023
යොවුන් දේශගුණික ක්‍රියාකාරී සංසදය රැස්වෙයි ’’ජාතික යොවුන් දේශගුණික ක්‍රියාකාරී සංසදය’’ නිල වශයෙන් දියත් කිරීමේ අාරම්භක උළෙල කොළඹ වෝටර්ස් එජ් හිදී පැවැත්විණි. 06 November 2023
ජයන්තට සිංගප්පූරුවෙන් සම්මානයක් නවලෝක හෝල්ඩින්ග්ස් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් covid -19 Resilience සම්මානය පිරිනමා තිබේ. 06 November 2023
වඩු කාර්මිකයා විදුලි රැහැනට බිලි ඇල්පිටිය යක්කටුව පතිරාජවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 06 November 2023
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කරයි බෙරගල බත්ගොඩ දී පස් කඳු නාය ගොස් අවහිරවී තිබූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එක් මං තීරුවක් (06) සවස් වන විට විවෘත කර වාහන ගමනාගමනයට හැකි වන ලෙස සකස් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 06 November 2023
බල මාළු කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලට දහවල් ලබා ගත් ආහාර විෂ වීමක් හේතුවෙන් පරණ පාර මීගොඩ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30 දෙනකු අද (06) දින දහවල් රෝහල් ගත කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 06 November 2023
ඩයනා - සුජිත් - රෝහණ මැතිසබේ ගෞරවය නැති කළා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුවමාරුවට සම්බන්ධවූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව යුතු කමිටුව පවසයි. 06 November 2023
අකුණු සැරෙන් අයියා මලෝ තිදෙනා රෝහලේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී නිවසකට අකුණුසැර වැදීමක් හේතුවෙන් නිවසේ සිටි එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 06 November 2023
මෙයා දැක්කොත් සී.අයි.ඩීයට කියන්න ව්‍යාජ නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් මහධිකරණය මගහරිමින් සැඟව සිටින වරෙන්තු කාරියක අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 06 November 2023
ජලාශ 18ක් වාන්මට්ටමට පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ 18ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ(ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසුවාය. 06 November 2023
බංග්ලාදේශය පන්දු යැවීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 38 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිල්ලිහි අරුන් ජෙට්ලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 06 November 2023
ගොවි ආධාරයේ කෝටි 100ක් මුදා හරී ගොවීන්ට මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජයෙන් දෙන මුදලේ පළමු කොටස වන රුපියල් කෝටි 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ගිණුම් වලට අද (6)බැර කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 06 November 2023
වන්නියලැත්තන්ගෙන් ජනපතිට දුක්ගැනවිල්ලක් ආදි වාසීන්ට නොතේරෙන භාෂා වලින් ගිවිසුම් අත්සන් කරවාගෙන ඔවුන් ශුද්‍ර මූල්‍ය ණය උගුල්වලට හිර කරගෙන ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ. 06 November 2023
මැතිසබේ ගුටි බැට හොයන කමිටුව අද රැස්වේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව අද (6)රැස්වීමට නියමිතය. 06 November 2023
පස් කන්දක් බොරලන්ද හපුතලේ මාර්ගය අවහිර කරයි පස්කන්දක් කඩාවැටී අද ( 6 ) වැලිමඩ බොරලන්ද හපුතලේ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 06 November 2023
’’ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ මටත් හොරෙන් ’’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ප්‍රකාශ කළේය. 06 November 2023
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ජනපති කාර්යාලයට කැඳවයි ක්‍රිඩා අමාත්‍යංශ ලේකම්වරයා අද (06) ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ. 06 November 2023
බන්ඩි පෝර සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක් බණ්ඩි පොහොර (MOP) මිල තවත් සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. 06 November 2023
හැම්බර්ග් නුවර ප්‍රාණඇපකරු සිද්ධිය අවසන් ජර්මනියේ හැම්බර්ග් නුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රාණ ඇපකරු සිද්ධිය අවසන් බවත්, සිද්ධියට අදාල 35 හැවිරිදි පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් ජර්මන් පුවත් සේවා වාර්තා කර තිබේ. 06 November 2023
ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ රැස්වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ චීනය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි. 06 November 2023
ගාසා තීරයේ බලය අතට ගන්න පලස්තීන පාලන අධිකාරිය සූදානම් ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි, සාධාරණ, පුළුල් දේශපාලන විසඳුමක් සොයාගත හැකි නම්, ගාසා තීරයේ බලය තමන් අතට ගැනීමට සූදානම් බව පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් පවසා තිබේ. 06 November 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026