ඩීසල් තොගයක් ගැන සැකයක් ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක් ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 November 2023
ජනපතිගේ ඉල්ලීම ඇමති රොෂාන් ඉවත දමයි ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 November 2023
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සොයා ගනී සරුංගල් සිද්ධික් මුල්කරගෙන 2022 වසරේ දී මිනුවන්ගෙඩ ගමන් ගෙදර ප්‍රදේශයේ එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ටී 56 ගිනි අවිය හා තවත් පිස්තෝල දෙකක් ඇතුලු ආයුධ සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 07 November 2023
ජනපති විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් දුන්නේය . 07 November 2023
වී සොරා කෑ පහකගේ වැඩ තහනම් වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හතරක වී තොග අතුරුදන් වීම සම්බන්ධයෙන් ගබඩා බාර නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. 07 November 2023
ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තයට ලාංකිකයෝ 10,000ක් පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල යුද්ධයෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති එරට කෘෂිකර්මාන්ත ක්ෂේත්රයට ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුමට ඉකුත්දා අත්සන් තැබූ බව ඊශ්‍රායලයේ ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත. 07 November 2023
අලූත් ආයෝජන පනතක් එයි ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 November 2023
මත්පැන් සමාගම්වල බදු පොල්ල රාජ්‍ය ඇමති හෙළි කරයි මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 November 2023
වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට වංචා වැලැක්වීමේ ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 November 2023
අබලන් දුම්රිය පාලම් දෙකක් හදන කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වලට පිවිසෙන පදික පාලම් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 November 2023
හම්බන්තොට පවුල් 97කට අලුත් ගෙවල් විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 November 2023
රේගු ආඥා පනත සංශෝධනයට රේගු ආඥා පනත සඳහා යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 November 2023
ත්‍රස්ත පනතේ ව්‍යවස්ථානුකූලභාවය හොයන්න බැහැ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින් එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමට බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 November 2023
ඇමැතිගේ අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනමක් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. 07 November 2023
ඔන්ලයින් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාලිමේන්තුව විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 07 November 2023
නියඟයෙන් බැට කෑ ගොවීන්ට 17000ක ඩීසල් නොමිලේ පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 07 November 2023
’’ක්‍රිකට්’’ දෙපැත්තට ඇදිල්ල නවත්තන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය ජනපති එක පැත්තකටත් ක්‍රීඩා ඇමති තවත් පැත්තකටත් ඇද්දොත් විසඳුමක් හොයා ගන්නට නොහැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 November 2023
ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක මැතිවරණ ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ අද (7) ආරම්භ වෙයි. චතිස්ගාර් යනු මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තයකි. චතිස්ගාර් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 30 කි. චතිස්ගාර් ප්‍රන්තයේ බලයේ සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත සභාව ආසන 90 කින් සමන්විතය. 07 November 2023
ඊශ්‍රායල හමාස් සටන් නවත්වන්න ඊශ්‍රායල හමාස් ගැටුමට වහා මැදිහත් වී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ. 07 November 2023
අණ නොතැකු රියට වෙඩි:අයෙක්ට තුවාල මල්වතු හිරිපිටිය බලි විල ක්‍රීඩාංගණය අසලීල ක්‍රීඩාංගනය අසල දී අද 7අලුයම 3.00ට පමණ සැකකටයුතු ත්‍රිරෝද රථයකට නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේපොලිස් ජිප් රථයේ ද හප්පා පලා යමින් සිටි බව කියන එම ත්‍රීරෝද රථයට වෙඩි තැබූ අවස්ථාවේ දී එහි ගමන් ගත් අයෙකුට තුවාල සිදුවී ඔහු ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව මල්වතු හිරිපිටිය පොලිසිය පවසයි. 07 November 2023
වෙඩි තැබීමකින් අයෙක් මරුට අම්පාර බණ්ඩාරදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි බණ්ඩාරදූව පොලීසිය පවසයි. 07 November 2023
රැකියා සිහිනය බොඳ කළ ටෙලි නළුවෙක් මාට්ටු විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය නළුවෙක් ඇතුලු තිදෙනෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකය විසින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබූහ. 07 November 2023
අදත් ටිකක් තදින් වැස්ස දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 November 2023
විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක් යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී. 07 November 2023
ඇමෙරිකන් කඳවුරට කඩා වදින්න හදලා ඊශ්‍රායලයටත් ඇමෙරිකාවටත් විරෝධය දක්වන තුර්කියේ පලස්තීන හිතවාදීන් සිය ගණනක්, තුර්කියේ අන්කාරා අගනුවර ඇමෙරිකන් හමුදා සෙබළුන් රැඳී සිටින ගුවන් කඳවුරකට කඩා වැදීමට උත්සාහ ගත් නමුත් තුර්කි පොලිසිය ඊට එරෙහි විය. 07 November 2023
ආදරය නොලැබුණැයි පිහියෙන් ඇනලා ආදරයට අකැමැති වූවා යැයි උරණ වී බස් රථයක් තුළදී ඥාති සහෝදරියට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ වෙළඳ නාවිකයා (සිමන්) පිහියත් සමග අත්අඩංගුවට ගත් බවත් බවත් නාරාහේන්පිට පොලීසිය කියයි. 06 November 2023
බෝකුන්දර ඉන්ධන හල සංස්ථාවට පවරාගනී මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බවට තහවුරු වීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඛනිජ තෙල් සංස්ථා වෙත ඊයේ (6) දින පවරා ගැනීමට කටයුතු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය 06 November 2023
යතුරුපැදි-බස් ගැටී තරුණයෝ දෙකක් රෝහලේ අවිත්තාව ලෙව්වන්දූව ප්‍රධාන මාර්ගයේ අද (6) සවස යතුරුපැදියක් ලංගම බස් රථයක් හා ගැටී සිදුවූ අන්තුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව ඉත්තෑපාන පොලිසිය පවසයි. 06 November 2023
මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහරිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 06 November 2023
කොළඹ ජලයෙන් බත් වෙයි අධික වැසි පතිත වීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අද (6)පස්වරුවේ ජලයෙන් යටවිය. 06 November 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026