
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වයෝවෘද්ධ යුවලක් ඕස්ට්‍රේලියාවේ වොරන්ඩයිට් නගරයේ මිලියනර්ස් රෝ වීදියේ ඔවුන්ගේ නිවස අසාන්නයේදී මිය ගොස් සිටියදී ඊයේ (12) ඕස්ට්‍රේලියානු පොලිසිය සොයාගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 80 දශකයේ පසුවන ඩොයින් කැස්පර්ස් නම් පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වූ මාර්ලින් නම් තැනැත්තියක් බව ඕස්ට්‍රේලියානු පොලිසිය පැවැසුවේය.ඔවුන්ගේ මරණ සැකසහිත මරණ ලෙස නම් නොකරන බවත් මරණ පරීක්ෂණයෙන් පසුව ඔවුන් මිය යෑමට හේතුව ප්‍රකාශයට පත් කරන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ සිරුරු ඊයේ (12) උදෑසන 9.30 ට පමණ පොලිසිය විසින් සොයා ගනු ලැබූ බවත් ඔවුන් මියයන දිනයේ වොරන්ඩයිට්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් වී ඇති බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පැවැසුවේය.ඔවුන්ගේ මරණවලට හේතුව අධික උෂ්ණත්වය වන්නට ඇති බව විශ්වාස කරන බවත් නිශ්චිතවම හේතුව මරණ පරීක්ෂණයෙන් පසුව දැන ගන්නට හැකි බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd