(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නඩත්තු කටයුත්තක් වෙනුවෙන් නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද පෙරවරුවේ සිට  දින නවතා දැමිමට කටයුතු කළ බව ලක්විජය බලාගාරයේ පාලනාධිකාරිය පවසයි.

දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් නවතා දැමුන ද පලමු හා තුන්වන අධියරේ ජනන යන්ත්‍ර මගින් මෙගොවට් 500 කට වැඩි විදුලි ධාරීතාවක් මේ වන විට ලබා දෙන බව පවසයි.

මෙම නඩත්තු කටයුත්ත වාර්ෂීකව සිදු කිරීමට නියමිතව තිබු නඩත්තුවක් බවද  පැවසෙයි.

ලක්විජය බලාගාරය ජනන යන්ත්‍ර තුනම පසුගිය 16 දින රටපුරා හදිසි විදුලිය බිදවැටිමත් සමග නැවති ගිය අතර යළි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් රටේ විදුලිය ලබා දීමට කටයුතු කළේය.

නමුත් මේ වනවිට පවතින අධීක වර්ෂාව හමුවේ ජලාශ වල ජලය උපයෝගී කර ගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බවද ඉහල නිළධාරීහු පවසති.