(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීතිපති දෙපාර්තමේන්තුව සහ වරාය නගර කොමිෂන් සභාව අතර පවතින කඹ ඇදීමක් හේතුවෙන් කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අදාලව නීති සකස් කිරීමට බාධා මතුව ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
වරාය නගරයේ එම සාප්පු සංකීර්ණයට අදාළව නීති සෑදීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව කිරීම ප්‍රශ්නකාරී බව කාරක සභාව පෙන්වා දෙයි.
කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත තීරු බඳු රහිත සාප්පු සංකීර්ණයට අදාළව නීති සෑදීමේදී නීතිපතිවරයාගේ මතය සහ එම කොමිෂන් සභාවේ මතය එකිනෙකට වෙනස් බැවින් ඒ සම්බන්ධව එක තීරණයකට පැමිණීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd