
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඹහතාව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී අද (13) පෙරවරුවේ හමුවිය.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) සහ ජාතික ජන බලවේගය ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරුද එක්ව සිටියහ.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී කැනඩාවේ සංචාරයක නිරත වන බවද මෙහිදි කොමසාරිස්වරයා ට දැනුම් දුන් අතර ඒ සඳහා ඔහු දිසානායක මහතායට සුබ පැතීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු ලොවම දන්නවා දැන් ඊළඟ ජනාධිපති අනුර කියලා... කවදාවත් අපි මේ වගේ දේවල් දැකලා නැහැ...
අනාගත ජනාධිපතිතුමන් බැහැ දකින්න විදෙස් නියෝජිතයින් පෝලිමේ..!
දැන් කවරුත් අනුර මහත්තයාට විදේශ සම්බන්ධතා නෑ කියලා වැලලෙන්න එපා...
මේවා දැකලා, ඉරිසියාවේ, බයේ,.. බොරුවට බෙරිහන් දෙනවා. ඒ ගොල්ලෝ බොරු කතා පතුරවන්න පතුරවන්න රටේ මහජනතාව ජාතික ජනබලවේගයට එකතු වෙනවා. සජිත්ගේ හාල් එපා කියලා ගැහැණුන් සිය ගණනක් හෝමාගම ගිය හැටි අපි දැක්කා...!
එයාලගේ පදේට නටන රූකඩයකට ඕනෙ කෙනෙක් කැමැතියි.
මේගොල්ලෝ දැන් අනුර කුමාර හම්බවෙන්නේ අර ජංගිය ගැලවි ගැලවි එක්කෙනාගෙන් වැඩක් නැති නිසා වෙන්න ඇති