
(කේ. බුද්ධික කුමාරසිරි)
ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය මගින් අවිස්සාවේල්ල නාගරික කළාපය වෙත ලබා දෙන ජලය බීමට නොහැකි තත්වයේ පවතින බවට පවසමින් එම ජනතාව අද (13) දින උදෑසන විරෝධතාවයක නිරතවුහ.
අවිස්සාවේල්ල නාගරික කළාපය සදහා ජලය ලබා දීමට වර්ෂ 1970 දී පමණ කැළණි ගගේ ටැංකියක් ඉදිකල ද පසු කාලීනව එය කැඩී යාමත් එම ටැංකියට ඉහලින් කැළණි ගගේ පතල් කැපීම නිසාවෙන් ජලය ලබා ගන්නා ස්ථානයට රොන් මඩ එකතු වීමත් නිසා මෙලෙස බීමට නොහැකි තත්වයේ දුඹුරු පැහැති ජලය ලැබෙන බවද විරෝධතාකරුවෝ පවසති
මේ පිළිබදව කාළයක සිට බළධාරීන් දැනුවත් කලද කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ නිසාවෙන් පසුගිය වර්ෂයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද දැනුවත් කලමුත් මේ වනතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවද ඔවූහු පවසති
මේ වනවිට පවතින වියලි කාළගුණ තත්වය නිසාවෙන් කැළණි ගගේ ජලය විශාල වශයෙන් අඩු වී තිබීමෙන් වර්තමානයේ දී තමන්ට ලැබෙන ජලය කිසිසේත් පාවිච්චි කල නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඔවූහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණයෙන්ම වැරැද්ද තියෙන්නේ පතල් කැපීමට බලපත්‍රය දුන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අතේ කියලා පැහැදිලියි. ඒ වගේම පතල් බලපත්‍ර ඉල්ලුම් කල අවස්ථාවේ නිහඬව සිටි ජලසම්පාදන මණ්ඩලයත් වැරැදියි ඒත් වර්තමානයේ මැණික් අධිකාරිය විරෝධතා ඉදිරිපත් කරන්න කියලා දැන්වීමක් ප්‍රසිද්ධ නොකරන නිසා ජල මණ්ඩලයේ අයට සුලු සහනයක් ලැබෙනවා...