
(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන බලය ගැනීමට දුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාවට දැඩි පීඩා විඳින්නට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම වරද කරන්නට තමා සූදානම් නැතැයි කී ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බව කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි ඊ ෙය් (12) මෙම හමුව පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කීවෙි රටේ ආර්ථිකය ගොඩනැගීමේදී කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ වැරැදි මොනවා දැයි දැනගැනීමට ඡන්දයක්ම පවත්වන්න.
ඒකනේ, මෙතුමා අතින් කිසිම වරදක් වෙලා නැහැනේ...
2015 සිට 2019 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් බිලියන 12ක් අධික පොලියට ණයට අරගෙන සැප වින්දේ අපිද?
එතකොට මෙතුමා පෙර හිටියේ නැද්ද?
වාඩිවෙලා ඉන්න පුටුවෙන්ම ඒක පේනවා...
අසරණයි මා අද දිනේ..., වැරැදි නෑ කළේ පෙර දිනේ...
රනිල් ඔයා බබා, පෙර අයකරපු වැරැදි මෙයා කරන්නේ නැහැයිලු. අගමැති වෙලා 6 පාරක් හිටියේ කොහේද? ඔබ ජනාධිපති නොවෙයි, හොරු 134 විසින් පත්කරගත්ත පිනෙක් පමණයි. යාලුවත් එක්ක එකතුවෙලා මහබැංකුවට කෙලලා, යාළුවාව මගුල් ගෙදරක යනවා කියලා රටෙන් පන්නලා... කරපු ඇට්ටර වැඩ අපි නොදන්නවා නොවෙයි... ඔහොම යමුකෝ. තව මාස කීයද..? හැබැයි රනිල්, ඔයාට රටෙන් නම් පැනලා ගිහින් ඉන්න තැනක් මේ ලෝකේ නැහැ..., ඔබව කවුරුත් ඒ රටවලට බාරගන්නේ නැහැ. මතකයි නේද ගෝඨාභයට වුණු දේ? ඔබට ඉන්න සිදුවෙන්නේ බෝගම්බර බලු කුඩුවේ !!!
එහෙනම් පළමුව මහ බැංකුවෙන් කොල්ල කාපු මහා ධනය දෙන්න. ඊළඟට මහා පරිමාණයේ කූඨ ජාවාරම් කාරයින්ට දීපු බොල් ණය නැවත අරගන්න. රාජපක්ෂ හොර නඩේ මංකොල්ල කාපු ධනය නැවත ගන්න ඕනෑ.. පුළුවන්ද කරන්න.. තව ඉන්නවා ලොකු නඩයක් හොරු... ඒවා පස්සේ...!
එතකොට ලොක්කා අස්වැසුම කියලා අර නිකම් බෙදන්නේ මොනවද?
වසර 45 ක් පාර්ලිමේන්තුවේ අගමැති එකක් කළා. ජේ.ආර්.ගේ සහ ආර්.ප්‍රේමදාසගේ රජයේ ප්‍රබල ඇමතිවරයෙක්. ඒ කාලේ ආසියාවේ ලොකුම පුස්තකාලයේ පොත් අනූ පන්දාහක් ගිනි තිබ්බා. ලක්ෂයක් විතර මැරුණ යුද්ධයකට ඒක මූලාරම්භක සිද්ධියක් වුණා. ඔය කරපු පව් පරම්පරා හතකට පල දෙනවා. දැන් හොඳටෝම ඇති. ජනතා ප්‍රසාදය බලාගන්ඩ ඉක්මන් ඡන්දයක් තිබ්බා නම් හොඳයි.