IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


මහ බැංකුවේ තටු කපන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ  හංස අබේරත්න මහතාට අද(13) බාර දුන්නේය.

මෙම පනත ඉදිරිපත් කෙරෙන්නේ 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහා බැංකු පනත සංශෝධනය කිරීම සඳහාය.

මහ බැංකුවේ  නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සහ එම බැංකුවේ වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සහකාර මහලේකම්  නීතිඥ  හංස අබේරත්න මහතා ප්‍රකාශ කරන්නේ ජාතික වැදගත් කමක් සේ සලකා මෙම පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ මතය විමසීමට ඉදිරිපත් කරන බවයි.



අදහස් (8)

මහ බැංකුවේ තටු කපන්න යයි

Gal ibba Wednesday, 13 March 2024 07:10 PM

අම්බෝ ජාතික වැදගත්කම ඒකේ. මෝඩ මිනිස්සුන්ව චූන් කරන්න හොඳයි. ඔවුන්ට දැන් ඔක්කෝම අමතකයි...

:       32       51

Gayantha wickramasinghe (LL.B) Wednesday, 13 March 2024 09:51 PM

මේ රටේ තියෙන සැම රාජ්‍ය ආයතනයක්ම 148 ව්‍යවස්තාවට යටත්. මහා බැංකුවේ ලොක්කා ඒක නොදන්නවා වුණාට... රටේ මිනිස්සු දහ දුක් විඳිනවා VAT වැඩි කළා. Income Tax ඕනි. මොවුන්ට විතරද ආරථික අමාරුකම් තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? ඕනෑ කෙනෙක් රට ගියපුදෙන්. ගියා කියලා රට වහන්නේ නෑ. ඔබලා ඉඳලනේ රට බංකොලොත් කළේ.

:       2       1

chandima Thursday, 14 March 2024 12:40 AM

පහුගිය කාලයේ මහබැංකු අධිපති ඇමැතියෙකුත් උන්නා නේද? ඒ කාලේ තටු කපන්න හිතුණේ නැතිද?

:       0       6

chandima Thursday, 14 March 2024 05:00 AM

මහබැංකුවට ආයෙත් මචන්ලා රැළක් ගෙනත් විදලාම යන්න වගේ සූදානම...?

:       0       3

Gayantha wickramasinghe Thursday, 14 March 2024 07:04 AM

මෙ රටෙ අනිත් රාජ්‍ය සේවකයින්ට උද්දමනය බලපන්නේ නැද්ද? ඒ මිනිසුන්ට දරුවන් නැද්ද? රට හැරදා ගියාලුනේ 99ක්. යන කෙනෙක් රට ගියපුදෙන්. ඔවුන් රට ගියා කියලා මේ රට වැහුවාද? මේ රටේ ආර්ථිකය විනාශ කරන්න මහ බැන්කුවේ අය වග කියන්න ඕනෑ. 1 පන්තියේ උපාධිය අරගෙන 3 පන්තියේ වැඩ ඔවුන් කලේ. උදේට බලන්න මහ බැන්කුවේ ගැහැණු යන්නේ fashan show එකට වගේ. සාරියක් Rs 30,000 ඒවා අඳින්නේ... රටට හෙන ගැහුවත් ඔවුන්ට ගාණක් නෑ. සීතල කාමර වල ඉඳන් ප්‍රායෝගික නොවන තීරණ අරන් තමයි මෙහෙම වුනේ. රටේ මිනිස්සු දන්නේ නැහැ... මොවුන් විනෝද චාරිකා යන්නේ පිටරටවල. 1% පොලියට නිවාස ණය මිලියන 20ක් ගන්නවා. මේ රට කරලා ගොඩ දම්මා නම් මෙහෙම පඩි ගත්තාට කමක් නහෑ. හරි නම් ගෝඨාභය වගේ ගහලා පන්නන්න ඕනෑ. මෙහෙම හරි මේ රට ඉතුරු වුනේ කියන එක පුදුමයක්...

:       5       12

Rohana Thursday, 14 March 2024 11:23 AM

ඉතිහාසයේ මේ තාක්කාලයකට ආයතනයක වැටුප් වැඩිකල පසු අඩුකරන ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත. මහබැංකු පනත සංශෝධනය කළත් එය අතීතයට බලපාන ලෙස වෙනස්කරන්නේ කෙසේදැයි ගැටළුවක් මතුවේ. වැඩිකළ වැටුප් අඩුකිරීම ප්‍රයෝගිකද කියා ප්‍රශ්නයක් මතුවේ. අවශ්‍ය නම් ඉදිරියේදී වැටුප් වැඩි නොකර සීටීමට හෝ වැටුප් අනුමත කිරීමේ බල අධිකාරියේ වෙනසක් කිරීමට ඉඩ ඇත.

:       0       7

රාජේශ් ඛන්නා Thursday, 14 March 2024 11:59 AM

රාජපක්ෂලාට ඉගිලෙන්න තටු සවි කළ මොවුන් දැන් මහා බැංකුවේ තටු කපන්නයි කතාව. ජේ ආර්ගේ ව්‍යවස්ථාවේ මුදල් බලතල තිබුණේ ව්‍යවස්ථාදායකයටයි. තමුන්නාන්සේලා එකතුවෙලා චන්ද්‍රිකාට නොතිබුණු මුදල් බලතල රාජපක්ෂලාට දීලා එකතුවෙලා රටටම කෙළවලා දැන් තට්ටක් ගැන බයිලා ගායනාව.

:       0       14

Kazi Shajahan Thursday, 14 March 2024 02:38 PM

ඔය මනුස්සයා ඔය ජාතියට වැඩක් කළාම තමයි... ඉස්සර රාජපක්ෂගේ ගුණ ගායනා කළා විතරයි නේ කළේ...!

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට
2024 අප්‍රේල් මස 30 59 0

දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්‍, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය.


විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 678 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 430 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 370 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 709 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 140 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 391 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1788 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site