(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය , මෙතෙක් කළක් බලා ගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාර දී , ආපසු පළා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් , ඇය ගුවන් යානයට පිවිසීමට සූදානම් වෙමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි . ඇය 58 හැවිරිදි සිය මව සමග ඩුබායි හි කුළී පදනමට ලබා ගත් නිවෙසක වාසය කර තිබේ .
ඇය දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාළ දියණිය , ඇය බලා ගැනීමට සිටින ශ්‍රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දැක්වූයේ , තම චීන ජාතික මවට වඩා තමන්ට සෙනෙහස දැක්වීම නිසාය .
මෙම ශ්‍රී ලාංකික සේවිකාව කුරුණෑගල , පොල්ගහවෙළ , පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි .ඇය පසුගිය දා තම සේවා කාළය අවසන්ව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .
මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත් අපහසුතාවයට පත් වී සිටි අතර , ඇය අස්වසාලන්නට නොහැකි තත්වයකට මෙම චීන ජාතික මව පත් වී සිටියාය .
මේ කිසිවක් සදහන් නොකළ මෙම චීන කාන්තාව , ශ්‍රී ලාංකික සේවිකාව අමතා , තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බවත් , ඔවුන් රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් දන්වා තිබේ .
ඒ අනුව ඇය පිළිගැනීම සදහා මෙම සේවිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , මෙම චීන ජාතික කාන්තාව , ඇයගේ මව සහ බාළ දියණිය රැගෙන ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
කටුනායක ගුවන් තොටුපොළේ දී මොවුන් මුණ ගැසී ඇති අතර , මද වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි චීන ජාතික කාන්තාව , ඇයගේ බාළ දියණිය ශ්‍රී ලාංකික සේවිකාව අතට දී එකවරම ගුවන් තොටුපොළෙන් අතුරුදහන් වී තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු වූ දුගඳ හමන දේශපාලු කතා අස්සේ, අහන්නට ලැබුණු මනුෂ්‍යත්වයේ හුණුවටයේ කතාවක්. මේ දරුවා ආයිමත් ඒ අම්මාට දෙන්න එපා. ලංකාවේ අම්මත් එක්ක කවුරු හරි පුළුවන් කෙනෙක් දරුවා බලාගන්න.
මෙම දරුවා බලහත්කාරයෙන් දමායාමට මෙම චීන ජාතික කාන්තාව ලංකාවට පැමිණ නොතිබුණි. ඇය මෙම ගෘහ සේවිකාව අමතා තමාට ඇති පෞද්ගලික ප්‍රශ්න කීපයක් විසඳා ගන්නා තෙක් දරුවා රැකබලා ගැනීමට පුළුවන්දැයි විමසා ඇත. ඉන්පසු සේවිකාව කැමැත්ත ප්‍රකාශ කොට ඇති අතර ඒ අනුව එම චීන ජාතික කාන්තාව ගුවන්තොටුපළට පැමිණ දරුවා සේවිකාව වෙත ලබා දී ඇත. එම අවස්ථාවේදී සේවිකාව විසින් දරුවාට අදාළ කියැවිලි සහිත ලිපිගොනුවද ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ දරුවා බලා ගැනීමට ඒවාද අවශ්‍ය වන බව පවසමින්. නමුත් ලාංකික කාන්තාවක් සමග සිටින චීන ජාතික දැරිය ගුවන්තොටුපළ පොලීසියට ඇසගැටී කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිවිය. ලංකාවේ නීතිය යටතේ එලෙස දරුවන් රැකබලා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ඇත. නිසි නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබීම නිසා මිගමුව අධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගැනුනි. අවසානයේ දරුවා චීන ජාතික කාන්තාවටම ලබාදෙන ලදී. ඔවුන්ට රටින් පිටවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා නඩුව මාර්තු 18 දිනට කල් තබන ලදී...
ප.ලි මෙම චීන ජාතික කාන්තාව වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීම සඳහා ලංකාවේ වෙසෙන චීන ජාතිකයෙකු රුපියල් ලක්ෂ තිස් පහක් ඉල්ලා ඇත්තේ පොලිසියද අපකීර්තියට පත්කරමින් යම් යම් ප්‍රකාශ නිකුත් කරමින්ය. අවසානයේ කැලණිය විශ්ව විද්‍යාලයේ චීන භාෂා මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්ගේ කාරුණික මැදිහත් වීමෙන් ඉතා අඩු මුදලකට නීතීඥ සහාය ලබාගැනීමට හැකි විය. එම ස්වාමීන් වහන්සේ කිසිඳු මුදලක් ලබා නොගෙන මුලු දවස පුරාවටම කටුනායක පොලිස් ස්ථානයේත්, මීගමුව අධිකරණයේත් භාෂා පරිවර්තක සේවය ලබා දීම ලංකා මාතාවට ඉමහත් ගෞරවයකි...
චීනයේ එක අම්මට එක දරුවයි කියනවා නේද? හදන්න පුළුවන්... මේ ළමයාව යැව්වොත් චීන්නු ළමයාව මරලා දායි. මේ දෙවැනි ළමයා කියනවා නේද? එහෙදී මැරුවොත් නඩුකාරතුමාටත් මිනීමරුවට පව් ගෙවන්න වෙනවා.
දිමුතු ජයසිංහ මහතාට ස්තුතියි... ඒ මේ පිළිබඳව සත්‍යය පැහැදිලි කිරීම ගැන.. සත්‍යය වශයෙන්ම සිදුවෙන්න ඇත්තේ මෙයයි.. මේ වගේ දේවල් සාමාන්‍ය සිද්ධීන්...!