(විමුක්ති එස් රුද්‍රිගු)
කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට ඇප මත මුදා හැර සිටින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර්වරිය වන රංජනී සිරියලතාට එරෙහිව ඇති නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
රංජනී සිරියලතාගේ සේවා ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වූ බැවින් මෙම ඉල්ලීම කරන බව ඇය වෙනුවෙන් පෙනී නීතිඥවරයා පැවැසුවේය.
රංජනී සිරියලතාට එරෙහිව ගොනුකර ඇති කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම ඉල්ලීම සිදු කළේය.
නීතිඥවරයාගේ එම ඉල්ලීමට අධිකරණයේ විරෝධතාවක් නොමැති වුවත් වෙනත් අධිකරණයකට නඩුව යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.මූලික විමර්ශන අවසන් වූ පසු චෝදනාවට අදාළ අධි චෝදනා පත්‍රය මහාධිකරණයේ ගොනු කරනු ඇති බවත් එතෙක් වෙනත් අධිකරණයකට නඩුව යොමු කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ ඉල්ලීම අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පැවැසුවේය.
විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට ආගමන විගමන පාලක ජනරාල්වරයාට නිකුත් කළ ව්‍යාජ ලේඛනවල දැක්වෙන අත්සන ඇයගේ බවට තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙන බවද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් තව අවුරුදු 50ක් වත් අහන්න තියෙන නඩුවක්නේ.
උසාවියක ඉහළ තනතුරක් දරමින් මෙවැනි ක්‍රියාවලට පෙළඹීමෙන් තමන් ආදර්ශමත් කෙනෙකු නොවන බව කවුරුත් දැනගැනීම හොඳ නැත.