වෘත්තීය සමිති - සෞඛ්‍ය අමාත්‍ය සාකච්ඡා අසාර්ථකයි සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර අද(2) පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ මහතා පැවසීය. 02 February 2024
හරක් කටාට පලායාමට කුමන්ත්‍රණය කළැයි පි සි. අත්අඩංගුවට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කියයි 02 February 2024
සඳුදා නිවාඩුවක් නෑ හැත්තෑහය වැනි නිදහස් දිනය ලබන ඉරුදිනට යෙදී තිබුණ ද ඊට පසු දින ලබන සදුදා (5) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (2) පැවසීය. 02 February 2024
පාන් ගෙඩියටත් ගැසට්ටුවක් පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය. 02 February 2024
ජනප්‍රිය පාසල් කඩයිම් ලකුණු එළියට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් වීමේ කඩඉම් ලකුණු අද (2) නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 02 February 2024
කෘෂි පේපරය පිට කළ තිදෙනාට ඇප අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට විභාග ශාලාධිපතිනිය, කෘෂි ගුරුවරයා සහ කාර්යාල කාර්ය සාහායකය රුපියල් ලක්ෂ පහබැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළොය 02 February 2024
හිටපු ක්‍රීඩා ඇමැතිගේ තවත් ගැසට්ටුවක් වත්මන් ඇමැති අවලංගු කරයි හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම පිළිබඳව නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් හා එම කමිටු විසුරුවා හරිමින් වත්මන් ක්‍රීඩා හා යව්වන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 February 2024
උරුමයට මෙහෙයුම් කාර්යාලයක් උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී විවෘත කෙරිණි. 02 February 2024
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොවන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 02 February 2024
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායකය ධනංජය ද සිල්වා පන්දු යැවීමට තීරණය කළේය. 02 February 2024
වැටලීමට ගිය කොස්තාපල්ට බදින තුවක්කුවක් පත්තුවෙයි දඩයක්කරුවකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය,ධර්මපුරම් පොලිසිය පවසයි. 02 February 2024
කෙහෙළිය සී.අයි.ඩීයට ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය,අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 02 February 2024
බෙලිඅත්ත වෙඩි තැබීමේ මහමොළකාරිය එස්.ටී.එෆ් දැලේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා පවසයි. 02 February 2024
පළාත් කිහිපයකට අදත් .වැසි උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 February 2024
ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළ ධනවතුන් පිරිසකට එනවා මෙරට ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළම ධනවතුන් සියයට 10 ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය වන සියයට 50 ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4 ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවකින් හෙළි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 01 February 2024
අරගලයේදි ජනපතිගේ නිවසට ගිනි තැබුවෙක් අල්ලයි ඉකුත් අරගල සමයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා හානි සිදුකිරීමට සම්බන්ධ බව කියන සැකකරුවකු අද(1) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය. 01 February 2024
‘ඔන්ලයින් පනත’ මර උඟුලක් ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ ඇති අනතුර තේරුම් ගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (1) පැවසීය. 01 February 2024
නගර සභාවේ ටයර් සොරා ගත් අටක් අත්අඩංගුවට සීදූව කටුනායක නගර සභාවේ ගබඩාව බිඳ රුපියල් ලක්ෂ හතරකට ආසන්න ටයර් තොගයක් සොරාගත් නගර සභාවේ රියදුරන් තිදෙනෙක් ඇතුළු අට දෙනකු අත් අඩංගුවට ගත් බව සීදුව පොලිසිය කියයි. 01 February 2024
තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් රිමාන්ඩ් කටාර් රාජ්‍යයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර රුපියල් කෝටි අටකට අධික දේපළක් උපයා ගත්තේ යැයි කියන ගාල්ල බටපොල රොෂාන් චමින්ද සැකකරු ලබන 15වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද(01) නියෝග කළේය. 01 February 2024
ඔන්මැක්ස් නඩුවට සහය නොදැක්වූ ව්‍යාපාරිකයෙකුට නඩු පිරමීඩ ආකාරයෙන් මුදල් රැස්කළ ඔන්මැක්ස් මූල්‍ය ආයතනයේ සැකකරුවකුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට සහාය නොදැක්වූ බේරුවල මැණික් ව්‍යාපාරිකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ හා මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය. 01 February 2024
මාතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසිකළ අයෙක් අත්අඩංගුවට මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය විසිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 01 February 2024
තවත් තෙත් බිම් තුනක් ප්‍රකාශයට පත් කරයි ලංකාවේ නව තෙත් බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 01 February 2024
නිදහස් දිනයේ බන්ධනාගාර රැදවියන්ට අමුත්තන් පෙන්වයි හැත්තෑහය වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් මේ මස 4 වැනිදා (ඉරිදා) ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 01 February 2024
ප්‍රාථමික අංශයේ දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 01 February 2024
චීනය තායිවානය අල්ලා ගැනීමේ සූදානමක් ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් බිය පළ කරයි. එසේ වුවහොත්, තායිවානය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක් විර්මාණය විය හැකි යැයි ද පැවැසෙයි. 01 February 2024
දීමනා නැතැයි උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවතට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු අද සිට ඉවත් වූහ. 01 February 2024
එ.ජ.නි.ස මහලේකම්වරු ඉවත්ව යති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල මහත්වරුන් දෙදනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී තිබේ. 01 February 2024
පාර්ලිමේන්තුව විවෘත කිරීම 7 පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ලබන 7 වැනිදා උදේ 10.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (1) නිවේදනය කළේය. 01 February 2024
කෙහෙලියට රට යාම තහනම් කරයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය හෙට දින රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්නැයි ද නියෝග කළේය. 01 February 2024
රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් ප්රජාතන්ත්රවාදය වෙනුවට රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් බවත් ඒ තුළ මර්දනය, ගර්ජනය, හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේය. 01 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026