පනත් කෙටුම්පත් තුනකට පණ දෙයි පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය. 31 August 2023
‘ජනාධිපතිවරණයට රනිල් ආවොත් සජිත් එන්නේ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය. 31 August 2023
හොර යතුරු පැදියෙන් හොරකම් රැසක් එළියට ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් ලඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර විමර්ශනයකදී සොරකම් කරන ලද තවත් යතුරු පැදියක් සහ යතුරු පැදි 9ක අංක තහඩු තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි. 31 August 2023
අරක්කු බෝතල්වලට ජිල්මාට් දාන සමාගම්වල බලපත් තහනම් ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙදපොලේ පවතින අතර ඒවා නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පසුව එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර තහනම් කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවැසීය. 31 August 2023
වන නිලධාරියාට පාට් දමා ගස් කැපු සැරයන් අත්අඩංගුවට හැටන් වතුයායක ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී එම වතුයායේ තිබු ටර්පන් ටයින් ගස් 6 ක් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් ඩයගම පොලිසියට අනුයුක්තව නුවරඑළිය පොලිස් අධිකාරී කාර්යාලය සේවය කරමින් සිටී සිටි පොලිස් සැරයන් වරයකු වූ අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි. 31 August 2023
දරුවන් රැගෙන යාමට ආ තාත්තාට අම්බලන්ගොඩදී වෙඩි අම්බලන්ගොඩ නගර මධ්‍යයේ ප්‍රධාන පාසලකට සිය දරුවන් රැගෙන යාමට පැමිණ සිටි අයකුට නාදුනන තුවක්කුකරුවන් අද (31) දහවල් තැබූ වෙඩි පහරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 31 August 2023
උණ්ඩ ප්‍රවාහනය කළ කෝප්රල්- සාජන් මේජර් මාට්ටු විවිධ ගිනි අවි වලට යොදන උණ්ඩ සහ හිස් පතුරම් කොපු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනකු අකුරණ නගරයේ දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසයි. 31 August 2023
ඌරන්ට ඇටවූ විදුලි රැහැනට මව බිලි:පුතා දියණිය රෝහලේ නාගොල්ලාගම තිඹිරිවැව ප්‍රදේශයේ ගෙවත්තක වල් ඌරන් දඩයම් කිරීම සඳහා නීති විරෝධී ලෙස ඇඳ තිබූවිදුලි රැහැනක පැටලී මවක් මියගොස් මිය ගොස් ඇයගේ දියණිය හා පුතාටද විදුලි සැර වැදී ඇති බව කළ කුරුණෑගල, තලමල්ගම පොලීසිය පවසයි. 31 August 2023
රටින් පැන්න වෙඩික්කරු යළි ගෙන්වා ගනී බත්තරමුල්ල දකුණු තලංගම කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පලා ගිය සැකකරුවෙකු නැවත ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 31 August 2023
සිනොපෙක් මත්තේගොඩින් අරඹයි රජය චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල සිනොපෙක් නමින් සිය සේවා කටයුතු ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය. 31 August 2023
පකිස්තාන- නේපාල ක්‍රිකට් කණ්ඩායම් කටුනායකට ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් දෙක අද(31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 31 August 2023
හලාවත -මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන් මාර්ග අංක 907 හලාවත මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්කි රීමට සීමාසහිත හලාවත මගී ප්‍රවාහන සමාගම තීරණය කර තිබේ. 31 August 2023
ඊශ්‍රායල් තරුණියට කැත වැඩක් කළ තෙරපිවරයා අත්අඩංගුට සංචාරයක් සඳහා පැමිණ සිටි ඊශ්‍රායල් ජාතික අවුරුදු විසි තුනක් වයසැති තරුණියකට පොතුවිල් සංචාරක කලාපයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී සම්බාහනය කරන මුවාවෙන් ලිංගික අතවරයක් කළේ යැයි කියන එම සම්බාහනය සිදුකළ පුද්ගලයා පොතුවිල් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 31 August 2023
සැක ලොරියෙන් උණ්ඩ හමු වේ විවිධ ගිනි අවිවලට භාවිතා කරන ජීව උණ්ඩ 11 ක් සහ හිස් උණ්ඩ කොපු පහක් සමඟ සැකකරුන් තිදෙනකු අලවතුගොඩ දී අත්අඩංගුවට ගත් බව අකුරණ පොලිසිය කියයි. 31 August 2023
දරුවා ඇපයට ගෙන පවුම් 12 පැහැර ගනි යාපනය මාණිප්පායි සන්දිලිප්පායි ප්‍රදේශයේදී නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් කුඩා දරුවකු ප්‍රාණ ඇපයට තබා රණ් පවුම් 12ක් කොල්ල කා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි. 31 August 2023
අලි පාසලට එති: ළමයි ගෙදර යති ආරච්චිකට්ටුව, කුරුක්කුලිය ප්‍රදේශයට හය දෙනෙකුගෙන් පමණ සමන්විත වල් අලි රංචුවක් අද (31) උදෑසන පැමිණීම නිසා කුරුක්කුලිය මහා විද්‍යාලය තාවකාලිකව වසා දැමූ බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 31 August 2023
අල්ලස් ගත් කොස්තාපල්-සැරයන් මාට්ටු රථවාහන වරදක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකිරීමට රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි කියන යාපනය, මල්ලාවි පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඊට ආධාර අනුබල දුන්නේයැයි කියන පොලිස් සැරයන් වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි. 31 August 2023
ඉදිරි දිනවල වැසි තත්වයේ වර්ධනයක් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වව සැප්තැම්බර් 01, 02, ස්හ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 August 2023
ආසියානු කුසලානයේ පළමු තරගයෙන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තානයේ, මුල්ටාන්හිදී අද (30) පැවැති පළමු තරගයේදී පාකිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 238 කින් නේපාලය පරාජය කිරීමට සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කය හඹාගිය නේපාල පිල ඕවර 23.4 කදී ලකුණු 104 කට සීමාවිය. 30 August 2023
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් වෙඩි මැද පලායයි බොරැල්ල ඕවල් ක්‍රීඩාංගණය අසල මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාර මැද පෑලියගොඩ’’ මල්වත්තේ අමිල’’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා තවත් පුද්ගලයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් පලා ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 30 August 2023
කුඩු ජාවාරමා බිරියත් දමා පොලිසියෙන් බේරී පැන දුවයි ත්‍රි රෝද රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් එම ත්රීර රෝද රථ හඳුනා ගෙන පරීක්ෂා කිරීමේදී එම ත්‍රිෙරා්ද රථයේ සිටි සැකකරු පොලිස් නිලධාරින් සමඟ පොර බදා පලා ගොස් ඇති අතර එහි සිටි සැකකරුගේ බිරිඳ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 500 ක් සමඟ අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි. 30 August 2023
කොග්ගල මුහුද ජීවිත තුනක් බිලි ගන්න හදලා:දෙකක් බේරෙති කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදි අද සවස රල පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයන් තිදෙනකුගෙන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කළ බවත් එක් අයකු අතරුදහන්ව ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි. 30 August 2023
කැස්බෑවන් මියගියේ පිපිරීමකින් මෙරට බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩගැසූ කැස්බෑවන්ගේ මියයාමට හේතුව ගැඹුරු මුහුදේ වූ පිපිරීමකින් යැයි තොරතුරු අනාවරණ වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 30 August 2023
ක්‍රිස් වැන් හොලන් ජනපති හමු වෙයි මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් මහතා අද (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 30 August 2023
උත්තම මුනි දළදා වඩම්මන... කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසාන රන්දෝලි මහ පෙරහර ඊයේ (30) නිකිණි පොහෝ දින සවස වීදි සංචාරය කරන්නට යෙදුණි . 30 August 2023
මඩු රක්ෂිතයේ හෙක්:57 ක් ජනතාවට මඩු පාර රක්ෂිතයේ හෙක්ටෙයාර් 56.8 ක් ප්‍රදේශයක් ගැසට් නිවේදනයක් හරහා ජනතාව මුදාහැරි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියේ පැවසීය. 30 August 2023
සලේ රොහාන් පියතුමාගෙන් කෝටි පහක් ඉල්ලයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවෙන් අපහාසයක්වූ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමාට රුපියල් කෝටි පහක 5 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. 30 August 2023
එස්.ටී.එෆ් නව නියෝජ්‍ය අණදෙන නිලධාරී පොලිස් විශේෂ කාර්ය බළකායේ නව නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) වශයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙටිටිආරචිචි මහතා ඉකුත් දා වැඩ බාරගත්තේය. 30 August 2023
ජාතික ඖෂධ අධිකාරියට ඇමෙරිකානු පුහුණුවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50 කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැත්විණි. 30 August 2023
රට කාපු අය රට හදනවා කීම විහිළුවක් සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් වූ ආණ්ඩුවට අස්වැසුම වැඩසටහනට හරි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන්ගේ ඉලක්කය ඊළඟ මැතිවරණය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී අද(30) පැවසීය. 30 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026