IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්

(මනේප්‍රිය ගුණසේකර)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත්දෙනාගේ ඇප යෙදුම්පත් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නඩු විභාගය අවසන්වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියම කළාය.

සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් මහජන කැළඹීමක් ඇතිවීමට හැකියාවක් ඇතැයි අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයි සැකකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා ලිඛිත සහ වාචික සාක්ෂි හෙළි වී ඇති බව සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයේ සඳහන් වේ. 

සැකකරුවන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුම් සම්බන්ධයෙන් නියෝගය විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත්කරමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණය මඟහැර සිටින සැකකරු සහ ඇප නියම කළ සැකකරු හැර නඩුවේ සැකකරුවන් 09 දෙනා ලබන 28 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ද නියම කළාය.



අදහස් (26)

කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්

Muthu Thursday, 14 March 2024 08:02 PM

මොන තරම් තිරිසන් මිනිස්සුද? ජීවිතය යදින ලෙඩ වූ මිනිසුන් ඇඟට ඩයි වතුර ඉන්ජෙක්ට් කරන්න. හරි ගණන් හිලවු කවදාවත් එන්නේ නෑ, මැරුණු ගණන ජීවිතේ පුරාම විඳවන මිනිස්සු ගැන. මේ එක කෙනෙක් වත් මොවුන්ගේ පැලැන්තියේ නොවෙයි. අන්ත දිළිඳු මිනිස්සු. මේ තිරිසන් මනස එළියට ආවේ, කන්න නැතිව දුක් විඳින මිනිස්සු ඉන්න රටක, තමන්ගේ ටොයිලට් එකට වායු සමීකරණ හයි කරගන්න තරම් නොමිනිස් වූ නිසා. කෙනෙක් ටොයිලට් එකේ ඉන්නේ ඉතාම සුළු කාලයක්. ඒ ටිකවත් ඉවසන්න බැරි මිනිස්සුද අපිව ගොඩ දාන්න දේශපාලනේ කරන්නේ. මුළු ලංකාවම පවු නේද?

:       1       163

Sisira KumaraFriday, 15 March 2024 03:09 AM

මොවුන්ට තිරිසනුන් යැයි ඇමතීමත් තිරිසන් සතුන්ට කරන නිග්‍රහයක්... තිරිසන් සතුන් අතරත් මීට වඩා ගුණගරුක විනයගරුක මනුස්ස ගති ඇති සතුන් සිටිනවා.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 14 March 2024 08:16 PM

ඉතාමත්ම විශිෂ්ඨයි.!

:       2       126

ලලිත් අම්බලන්ගොඩ Thursday, 14 March 2024 08:35 PM

මේවා අනික් අයට හොඳ පාඩම්. මේ තමයි අරගලයේ ප්‍රතිඵල.

:       39       116

BuddikaFriday, 15 March 2024 07:50 AM

හැම මගුලකටම අරගලය ගාවාගන්න එපා. එහෙම නම් මේ දවස්වල ජීවන වියදම මිනිස්සුන්ට දරාගන්න බෑ. තුන්වෙල කන්න බැරි මිනිස්සු ඕනෑතරම් ඇති. ඒකත් අරගලයේ ප්‍රතිඵලයක් වෙන්න ඇති.

:       0       0

Prabha Thursday, 14 March 2024 08:40 PM

සාමාන්‍යෙයන් ලංකාවේ නඩුවක් අහලා ඉවර වෙන්න අවුරුදු 20ක් විතර යනවා නේද? ජයවේවා..!

:       2       112

නිහාල් Thursday, 14 March 2024 08:41 PM

දැන් ලෙඩ හොඳද?

:       1       97

Buddika Thursday, 14 March 2024 08:50 PM

ඉතාම හොඳ තීරණයක්... නඩුව අවසන් වූ පසුවත් මොවුන් ටික හිරේම තැබිය යුතුයි. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු පාහරයින් ටිකක්...!

:       1       117

ranjith Thursday, 14 March 2024 09:26 PM

මේ තරම් ජනතා ද්‍රෝහී වැඩක් කරලා පක්ෂෙ වුණාට ‍ මෙයා හරි කියන්න තරම් හිතදුන්නු හැටි. මොවුන්ට ඡන්දෙත් දීපල්ලකෝ තවතවත් රට කන්න.

:       0       0

de silva Friday, 15 March 2024 12:39 AM

අනිවාර්යයෙන්ම රටේ ජනතාවගෙන් 90%ක් මෙම අධිකරණ නියෝගය අනුමත කරනවා.. අධිකරණය පුද්ගලයාගේ තරාතිරම නොබලා මෙවැනි සාධාරණ තීරණ ගන්නකොට, අපට අනාගතය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්, ශරීරයට විෂ ද්‍රව්‍ය එන්නත් කරලා මිනිස්සු මැරෙන්න ඇරලා මොවුන් හරියට වැඩකරලා තිබෙන්නේ හිට්ලර්ලා වගේනේ.. හිට්ලර් මැරුවේත් තමන්ගේ ජාතියේ මිනිස්සු නෙවේනේ, සෞදියේ මෙවැනි දෙයක් කළානම් මෙලහකට මොවුන්ට ගල් ගහලා මරලා, ගෙවල් දොරවල් රාජසන්තක කරලා...

:       0       0

sarath Friday, 15 March 2024 12:43 AM

මොවුන් කෝටිපතියෝ, තව තව සල්ලි හම්බ කරන්න දුප්පත් අසරණ රෝගී මිනිස්සු මරණ මෙවැනි තිරිසන්නු උල තියන්න වටිනවා නේද..?

:       0       0

surath Friday, 15 March 2024 01:01 AM

ආසාවේ බෑ... එතුමා දැන් දකින්න...

:       0       0

Ratne Friday, 15 March 2024 04:04 AM

මොහු වංචාවක් කලේ නෑ කියලා පාර්ලිමේන්තුවේදී මොහුට පක්ෂව ඡන්දෙ දීපු සහ ඔහු ඇමැතිකමේ තබා ගත්තු 'සනිල් සහ පොහොට්ටු' කැලත් නිදහසට කරුණු ඉදිරිපත් කරන්න කියලා හරි නියෝග කරන්න ඕනෑ.

:       0       0

kumara Friday, 15 March 2024 05:13 AM

වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? ලස්සන කතාවක් තියෙනවා ලුසිෆර් ‌කියලා. ඒක ඇත්ත නෙමෙයි, නමුත් කෙනෙක් වැරැද්දක් කරාම තමන්ගේ හෘද සාක්ෂිය ඒක දන්නවා. තමන් තමන්ව කොච්චර රවට්ටා ගන්න උත්සාහ කළත්, ඒක තමන් තුළ වැරැද්දක් කළා කියන හැඟීමත් එක්ක තියෙනවා. ඒ නිසා බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ, "න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ, න පබ්බතානං විහරං පවිස්ස, න විජ්ජති සෝ ජගතිප්ප දේසේ, යට්ඨිත්තිතෝ මුච්ඡෙය්ය පාප කම්මා" - විශ්වයේ කොහේ හැංගුනත්, (මහ සාගරයේ මැද්දේ, පර්වත ගුහාවක් අස්සේ ආදී වශයෙන්) කළ වැරැද්දක (පවක) විපාක/දඩුවමින් පැන යන්නට බැහැ. ඒ නිසා මෝඩ මනුස්සයෝ, දැන්වත් තමන් කළ මහා විනාශය පිළි අරං, ඒකට සමාව ඉල්ලලා, දඬුවම් විඳලා කෙළවරක් කර ගන්න. නැතිනම් ඔබට දඬුවම් ලැබෙන්නේ මහ තැනින්. එදාට අසරණයි.

:       0       1

Bamunuarachchi Friday, 15 March 2024 05:24 AM

නියමයිනේ..!

:       0       1

මරික්කාර් Friday, 15 March 2024 05:51 AM

නඩුකාරතුමියට දෙවිපිහිටයි...!

:       0       0

Perera Friday, 15 March 2024 06:21 AM

දැන් මේ අය ඇප ඉල්ලලා දාවි...

:       0       0

P.d goonawardena Friday, 15 March 2024 07:04 AM

මෙයා ඉන්නේ ඉස්පිරිතාල අස්සෙනේ...

:       0       0

Kazi Shajahan Friday, 15 March 2024 08:00 AM

කොහොමද දැන් ජනතාවගේ දේපළ හොරාකාපුවාම...? තව තියෙනවා විඳවන්න...!

:       0       0

කෙලවෙච්ච් ළිය Friday, 15 March 2024 08:23 AM

බන්ධනාගාරය ඉස්සරහත් මල් ශාලාවක් තියෙනවා ....

:       0       42

hashitha Friday, 15 March 2024 08:23 AM

මෙම තීරණයට හිස නමා ආචාර කරමි

:       0       39

DMS Karunaratne Friday, 15 March 2024 08:27 AM

මෙහිදී මෙම ප්‍රශ්නයට මූලික හේතුව වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අමාත්‍යවරුන් දේශපාලන බලපෑම් කිරීම සහ නිලධාරීන් පුද්ගලික වාසි තකා ක්‍රියාත්මක කරන නීති රීති නොදැන සිටීමයි. දේශපාලනඥයෝ විධායකය නොව පහත් අය වෙති. දැන් සියල්ලන්ටම ඒ සඳහා ගෙවීමට ඉඩ දෙන්න. විශේෂිත විනිසුරුවරයාට තුති.

:       0       42

chintha Friday, 15 March 2024 09:55 AM

අහිංසක අසරණ මිනිස්සුන් බිල්ලට දීලා තමන්ගේ පැලැන්තියට හම්බ කරන් කන මේ අයට, ආයේ කවදාවත් නිදහසක් නම් ලැබෙන්න එපා..

:       0       0

මරණ දණ්ඩනය දෙන්න ඕනේ මේ කාලකන්නි මිනිසාට... Friday, 15 March 2024 11:04 AM

මරණ දණ්ඩනය දෙන්න ඕනේ මේ කාලකන්නි මිනිහට

:       0       2

malaka Friday, 15 March 2024 11:07 AM

ආ නඩුව හෙටම ඉවරද ඒ කියන්නේ...! කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට?

:       0       0

ranjith Friday, 15 March 2024 12:13 PM

මහජන මුදල් අවභාවිතා කරන කාලකණ්ණින්ට කවදා හෝ ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවි.. !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 449 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 335 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 279 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 543 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 121 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 835 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1788 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site