(නිමල කොඩිතුවක්කු)
සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගැනීම මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබඳු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ව්‍යාජ ස්ටිකර් ජාවාරම පවත්වාගෙන යාම සඳහා ඇතැම් නිලධාරීන්ට ගෙවිය යුතු අල්ලස් මුදල් ලබා නොදීම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව සිදුකළ වැටලීම් වලට හේතුව බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැරදි කරුවන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
මත්පැන් බෝතල් සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් එක ස්ටිකරයකුත් තව තැනකින් තවත් ස්ටිකරයකුත් අලවන්නේ නම් ව්‍යාජ ස්ටිකර් ජාවාරම නතර කළ හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ බව මුදල් කාරක සභාවේදීත් යෝජනා කළ බවත් ව්‍යාජ ස්ටිකර් ගැසීම මෙයින් බොහෝ දුරට අඩු වනු ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම ඇල්ලුව අයව අගය කරනවා වෙනුවට පදනම් විරහිත අභූත චෝදනා නගනවා. ඔබතුමා ඔච්චර විස්තර දැනගෙන හිටියා නම් කෝප් එකේ සභාපති හැටියට ගත්ත ක්‍රියාමාර්ග මොනවා ද, අවුරුදු හතරහමාරක් ආණ්ඩුව කෙරුවා නේද ? ඒ කාලයේ ඕවා නවත්වන්න ගත්ත පියවර මොනවද ? ඒ නිසා ඇත්ත කතාව ඕක නොවෙයි, ඉස්කාගාර අයිති මෙයාලගේ ගජ මිතුරන්ට ඇලෝසියස්ලා වගේ, උන්ට රිදෙන කොට මෙයාලටත් රිදෙනවා. නිමල්ට ගහන කොට චංචලා අඩනවා වගේ. මේ දෙගොල්ලන්ගේම ආණ්ඩු කාලයේ අරක්කු මුදලාලිලා බදු ගෙවීම පැහැර හැරලා යහතින් ඉන්න රහසත් ඒකයි.
මෙයා විජේදාස රාජපක්ෂ අංක 02.