ප්‍රා.ලේ. කොට්ඨාස 10 කට නායයෑමේ අවදානමක් වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 01 September 2023
ආධුනික නාවික සෙබලා ඇදවැටී මරුට පූනෑව නාවික හමුදා කඳවුරේ ශාරීරික අභ්‍යාස වල නිරත ව සිටි ආධුනික සෙබළකු හදිසියේ රෝගාතුර වී බිම ඇද වැටී වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පූනෑව පොලිසිය පවසයි. 01 September 2023
උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 September 2023
ලක්ෂ 25ක කරවල සොරාගෙන වත්තල-මාබෝල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කරවල අපනයන සමාගමක දොර කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 25 මෝර කරවල තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මහ බාගේ පොලිසිය පවසයි. 01 September 2023
බස් ගාස්තු ඉහළ යයි? ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියෙක් පැවැසීය. 01 September 2023
වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදීමක් මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනකුට පහරදී තියුණු ආයුධයකින් පහරදි ඇතැයි මතුගම පොලිසිය කියයි. එක් නිලධාරිකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. 01 September 2023
ලක්ෂ 80 ඇම්බර් සමග තුනක් මාට්ටු රුපියල් ලක්ෂ 80කට විකිණීමට ගෙනා සංරක්ෂිත මුහුදු තල්මසුන්ගේ වමනය, හෙවත් ඇම්බර් යනුවෙන් හදුන්වන කිලෝ 02 ග්‍රෑම් 646 ක් බරින් යුත් කොටස් තුනක් ඒවා ළඟ තබාගත් විශ්‍රාමික ආබාධිත හමුදා සෙබලකු ඇතුළු තිදෙනකු නැදගමුව කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 01 September 2023
වසර 12කට පසු මාට්ටු වූ ඝාතකයා තියුණු ආයුධවලින් කපාකොටා තරුණයකු ඝාතනය කළ ඝාතකයකු වසර 12 කට පසු හෝටලයක වැඩ කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි. 01 September 2023
පළාත් දෙකකට දිසා දෙකකට තද වැසි දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 September 2023
ඒ.එස්.පී.ගේ පොකැට්ටුවටත් විදලා කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඉකුත් දා පැවැත් වු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ විරෝධතා ස්ථානයේ රාජකාරියට ආ කැලණිය දිස්ත්‍රික් (2) සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලොරආරච්චි මහතාගේ පොලිස් නිල හැඳුනුම්පත හා බැංකු කාඩ්පත් ඇතුළු ලිපි ලේඛන අස්ථානගත වී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි. 01 September 2023
වැල්ලම්පිටියේදී රෝද තුනේ රියැදුරු ඝාතනයේ තොරතුරු එළියට වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු ගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බ්ලූමැන්ඩල් රවී නැමැත්තා විසින් මෙහෙය වූ එකක් බවට අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි . 31 August 2023
තෙල් මිල ආයෙත් නගී සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 31 August 2023
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයගනී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට තරග ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති තරගයේදී (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. 31 August 2023
ඉන්දීය ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා සම්බන්ධතාවට වසර 50යි ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර 50 වසරක සම්බන්ධතාව සමරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වීය. 31 August 2023
ලයිසියම් ජාත්‍යන්තර පාසල පරිසරය රැකීමට නව පිම්මක් පනී ගෝලීය උණුසුම සහ අනපේක්ෂිත ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට නම් ගෝලීය වශයෙන් පරිසරය පිළිබඳව දැණුවත් කරන පරපුරක් නිර්මාණය කිරීමට පාසල් අධ්‍යාපනට සුවිශේෂී වගකීමක් පැවරී ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මිය පැවසුවාය. 31 August 2023
පොලොන්නරුවට වතුර දෙන්න මහවැලි ගඟ හරස් කරයි පොලොන්නරුවේ පානීය ජල අර්බුදයට විසැඳුම් ලබා දීම සඳහා වැලිකොට්ට දමා මහවැලි ගඟ හරස් කිරීමට අද කටයුතු කළේය. 31 August 2023
අලි ඇතුන් මෙන්ම පුරාණ සිරිත් රැකිය යුතුයි අලි ඇතුන් ආරක්ෂා කළයුතු බව තමා ද පිළිගන්නා නමුත් පෞරාණික චාරිත්‍ර ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය. පෙරහරට හීලැ අලි ඇතුන් ලබා ගැනීම ඇතුළු මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා කීය. 31 August 2023
එහේ සැප බස් තිබුණත් අපට එහෙම නෑ පොලොන්නරුවේ ගම් රැසකට දරුවවෝ පාසල් බසයක් නොමැතිව දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටිති. 31 August 2023
දිඹුලාගලට යළි විදුලිය දින හතකට ආසන්න කාලයක් අඳුරේ තිබු ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද සවස සිට විදුලිය සම්බන්ධතාවය ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළේය. 31 August 2023
මේ රජය ලැජ්ජා විය යුතු යි. අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කර නොමැති අවස්ථාවක එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (31) පැවසීය. 31 August 2023
පාසල් සිසුන්ට මහ බැංකුවෙන් පුහුණුවක් ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ සහාය ඇතිව වාර්ෂික මහබැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 August 2023
කොළඹ උද්ධමනය සියයට 4 ට බසී කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (අගෝස්තු) සියයට 4 ක් දක්වා පහත වැටී ඇති බවත් කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මාසය සියයට 6.3 ක පැවතුණු බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 31 August 2023
රජය තොරතුරු පනතේ නියාමනයට පිටුපාලා - වෙරිටේ පසුගිය වසරේ සහ මෙම වසරේ ක්‍රියාත්මක වූ රුපියල් ට්‍රිලියන 3 ආසන්න වටිනාකමින් යුත් ව්‍යාපෘති 83 ක ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් වැඩි ප්‍රමාණය රජය විසින් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 31 August 2023
හොරෙන් ගෙනා ජිප් විකුණන්න බැරි වෙලා කුරුණෑගල කෝටිපති ව්‍යාපාකයකු විදේශ රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කහතුඩුව ප්‍රදේශයේ නිවසක සඟවා වටිනා සුඛෝපභෝගී ජිප් රථ දෙකක් පානදුර වලාන දුෂණ මර්දන ඒකකය අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 August 2023
වගා හානි නහුතෙට නගී නියඟය නිසා වී හා අතිරේක බෝග වගා හානි කුඹුරු අක්කර ප්‍රමාණය 59,073. 98ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එයින් හානි සිදුවී ඇති ගොවීන් ප්‍රමාණය 54,152කි. 31 August 2023
කොරළවැල්ලේදී දුම්රියක් ගිනිගනී වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොරළවැල්ල දුම්රිය ස්ථානයේදී අද (31) පස්වරුවේ බඩු දුම්රියක එන්ජිම ගිනිගෙන සිදුවීමට ගිය විනාශයක් එහි නියාමකවරයා ක්ෂණිකව ක්‍රියාත්මක වී නිවාදැමීමෙන් වැගකී ඇති බව වාර්තා වේ. 31 August 2023
ප්‍රභූ රකින්න ඇවිත් පවුලක්ම කුසගින්නේ තියලා රටේ ඉහළම ප්‍රභූවරයකු ගමන් ගන්නා මාර්ගයක පෙරමඟට කොස්ගෙඩියක් ද කරේ තබාගෙන ආ පියකු සහ කුඩා දරුවකු එම ප්රභූවරයා යන තෙක් අතුරුමාර්ගය රඳවා ගත් පුවතක් ගම්පොළ වාරියගල ප්‍රදේශයෙන් වාර්තා වේ. 31 August 2023
විශේෂ කටයුතු සඳහා වාහන 6900 ක් ගෙන්වයි වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 31 August 2023
හෙට සිට ගාලු පාරේ වාහනවලට සීමාවක් සීනිගම දේවාලයේ මහා පෙරහර හේතුවෙන් හෙට (1) සිට ලබන 4 වැනිදා දක්වා ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කරන බවත් එම දිනවල විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 31 August 2023
මොරටුව - පිටකොටුව බස් වර්ජනයක් මොරටුව - පිටකොටුව මාර්ග අංක 100 පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසීය. 31 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026