
(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය.
දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානය මානුෂීය ජනතා සංධානය නමින් නම් කර තිබේ.
මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී නීතිඥ සහ ආගමික සංවිධාන රැසක් මානුෂීය ජනතා සන්ධානයට සහාය පළ කරන බවද එහි නායකයෝ පවසති.
ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කරති.
යම් හෙයකින් එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට යම් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ජනාධිපතිවරණයට තරඟ වදින බවද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි ඉල්ලුවොත් පඬුවස්නුවරිනුත් පැරදිලා මඤ්ඤං වෙනවා. වාසි පැත්තට හෝයියා කියන එක තමයි නුවණට හුරු...!
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ...!
ඉදිරි මැතිවරණයේ ඡන්ද නැතිව එළියට විසිවීමේ අවදානමකට වැටිලා ඉන්න දයාසිරි ලොකුවට හිතාගෙන සංධාන ගහන්නේ සන්ධානයක් ලෙසට කාට හරි හේත්තුව දාලා ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තු පැන්ගන්න නේද? මේ මිනිස්සු ඉන්නේ තමන්ගේ ගැන අධිතක්සේරුවක. ඒත් ඡන්දෙට ඉල්ලුවොත් ශුවර් එකටම ගෙදර...
දයාසිරි කියන්නේ ජනාධිපතිවරණය කිසිම දවසක දිනන්න පුළුවන් කෙනෙක් නොවෙයි. එහෙම තියෙද්දී දැන් දරුණුම සැඩපහරක ගසාගෙන යනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා ගසාගෙන යන මිනිහා තණකොළ ගහෙත් එල්ලෙනවා කියලා... ඒක නොදැන අලුත් ගස් සොයන්න ගිහිල්ලා මුහුදට ගසාගෙන ගොස් දකින්නවත් නොලැබේවි කියලා හිතෙනවා...
අනේ පව්, ජනාධිපති සිහිනයේ ඔක්කොම කට්ටිය. රට හදන්නද මේ..?
දේශපාලන පක්ෂ 18ක් එක්ක සංධානයක්... ඡන්දෙ ඉල්ලලාම බලන්නකෝ ඔය පක්ෂ 18 එක්ක මුළු රටෙන්ම ඡන්ද 25000... පුළුවනි නම් අරන් පෙන්නන්නකෝ...!
ලංකාවේ තම තමන්ගේ පුද්ගලික අපේක්ෂා සඳහා දේශපාලන පක්ෂ හැටහුටහමාරක් තියෙනවා. ඒ මදිවට දේශපාලන පක්ෂ සංවිධායකයෝ ඔවුන්ගේ පවුල්වල එවුන් දාලා තමන්ගේ අතින් වියදම් කරලා ස්වාධීන කණ්ඩායම් ගොඩක් ඉදිරිපත් කරනවා. මේවා ඔවුන්ට විනෝදාස්වාදය සඳහා හේතුවක් වෙන්න පුළුවන්... ඒත් ඡන්දය ගණන් කරන අසරණ නිලධාරින් මහත් පීඩාවට පත්වෙනවා. එම නිලධාරින්ට බලවත් අසාධාරණයක් වෙනවා... මොකද ඡන්දය පවත්වන දවසට පෙර දවසේ ඡන්ද මධ්‍යස්ථානයේ මදුරුවෝ තලතලා නිදි වරාගෙන මහන්සි වෙනවා. ඒ අතර රාත්‍රියේ මැතිවරණ නීති කඩන දේශපාලුවෝ ඔවුන්ගේ හෙංචයියන් කරන අලුගුත්තේරු වැඩ නිසා පීඩාවට පත්වෙනවා මැතිවරණ අවස්ථාවල නැවතත් පීඩාවට පත්වෙලා ඡන්ද පෙට්ටි බාරදීමට ආවාම සෙක්කුවේ බැඳපු ගොනා වගේ මැඩවීමට ලක්වෙලා නැවතත් ගණන් කරන්න ගියාම දහ දොලොස් අතකට නැවූ ඡන්ද පත්‍රිකා දිගහැරීමට ගොස් නැවත පීඩාවට පත්වෙනවා. ඒ මදිවට වල් හරක් වගේ හෙංචයියො කරදර කරනවා. සමහරක් දේශපාලන අයිතිවාසිකම් නැති අපි වගේ අධ්‍යාපනය සේවයේ නිලධාරින් පක්ෂ නියෝජිතයින් හැටියට ආවමත් කරදරයි කියලා කියන අය අනන්තවත් ඉන්නවා. මේනිසා ජනතා මුදල් නාස්තියට හේතුවක් වෙන ඡන්ද පත්‍රය විශාල වීම වළක්වන්න ඕනෑ.
තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙටයි මෙහෙටයි පැනපු කෙනාට හදන්න වෙන්නේ රිලවුන් ගේ සන්විදානයක් තමයි...!