(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 7ක් දැවී ලකුණු 286 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල තරගාවලිය සම තත්වයට පත්කිරීමට නම් ඕවරයකට ලකුණු 5.74 ක සාමාන්‍යක් පවත්වමින් ලකුණු 287 ක් රැස්කළ යුතුය.

තව්හිඩ් රිඩෝයි අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 102 කින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 96 ක් රැසස්කිරීමට සහමත් විය.

බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 7ට 286

(සෞම්‍ය සාකර් 68, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 40, තව්හිඩ් රිඩෝයි නොදැවී 96, මුෂ්ෆිකර් රහීම් 25, ටන්ෂිම් හසන් සකීබ් 18, ටස්කින් අහමඩ් නොදැවී 18, ඩිල්ෂාන් මධුසංඛ 30/2, වනිඳු හසරංග 45/4)