IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර පාස්පෝට් හදා කැනඩාවට පනින්න යද්දී මාට්ටු

(යොහාන් භාසුර)

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගමන් බලපතකින් කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපල ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

24 හැවිරිදි අදාල පුද්ගලයා යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් මොහු කටාර්  රාජ්‍යයේ දෝහා නුවර  බලා පිටත්වීමට ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කරන අතර තුර මොහු ඉදිරිපත් කළ  කැනේඩියානු ගමන් බලපත පිළිබඳ සැකයක් මතු වූ හෙයින් ගුවන් සේවා නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කළ බවත් එහිදී එම කැනේඩියානු ගමන් බලපත කූඨ ලෙස ජීවදත්ත පිටුවෙහි තොරතුරු  වෙනස් කර තැනූ ගමන් බලපතක් බවත්  අනාවරණය වූ බවත් එම දෙපාර්තමේන්තුව කීය.

මෙම පුද්ගලයාගේ සැබෑ ශ්‍රී ලාංකික ගමන් බලපත ද ඔහු සතුව තිබී සොයාගත අතර ඊට අමතරව කූඨ ලෙස සකස් කළ ගල්ෆ් ගුවන් සේවයට අයත් මාලදිවයිනට ගමන් කරන බවට සඳහන් ගුවන් ප්‍රවේශ පතක් ද මොහු සතුව තිබී සොයාගත් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොහු මුලින්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළු වෙත කූඨ ලෙස තැනූ ⁣කැනේඩියානු ගමන් බලපත ඉදිරිපත් කර දෝහා නුවරට සහ එතැනින් කැනඩාව වෙත ගමන් කිරීම සඳහා ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමට සූදානම්ව සිට ඇති බවත් අනතුරුව විගමන අංශයේදී මාලදිවයිනට යන බව පවසා ආගමන හා විගමන නිලධාරීන් හට  මාලදිවයින බලා පිටත්ව යන බවට වන ගල්ෆ් ගුවන් සේවයට අයත් කූඨ ලෙස සකස් කළ ටිකට්පත් ඉදිරිපත් කර විගමන නිශ්කාශන කටයුතු සිදු කරගෙන පසුව අවසාන ගේට්ටුවලදී දෝහා බලා පිටත්ව යාමට නියමිතව තිබු ගුවන් යානයට ගොඩවීමට සැලසුම් කර තිබූ බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ කැනඩාවේ සිටින මාමා කෙනෙකු මීට අනුබල හා උපකාර කළ බවත් කැනඩාවේ සිටින පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිටින තැරැව්කරුවකුට ලක්ෂ 40ක මුදලක් ගෙවා මේ ගමනට අදාළ කටයුතු සම්පාදනය කළ බවත්ය.

මූලික විමර්ශනවලින් අනතුරුව මේ තරුණයා  සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා ආගමන හා විගමන නිලධාරීහූ කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දුන්හ.



අදහස් (4)

හොර පාස්පෝට් හදා කැනඩාවට පනින්න යද්දී මාට්ටු

Basil Saturday, 16 March 2024 06:38 PM

අපිත් දන්න කෙනෙක් ගිය අවුරුද්දේ මාලදිවයිනට ගිහිල්ලා එතැනින් සිංගප්පූරු ගිහිල්ලා, තායිලන්තයේත් ගිහිල්ලා ආපහු ලංකාවට ආවා.

:       6       22

Prabha Saturday, 16 March 2024 07:08 PM

යන කෙනෙක්ට යන්න දෙන්න අප්පා...

:       1       25

නාමල්Sunday, 17 March 2024 01:03 PM

ලංකාවේ කුහක හැත්ත කැමති නෑ එකෙක් දියුණු වෙනවට.. ඒකනේ අල්ලන්නේ...

:       0       5

ajith Sunday, 17 March 2024 02:27 AM

ඇත්ත... මෙහේ ඉඳලා හිඟා කන්නද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site