
(සිතුම් චතුරංග)
වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ පසුගිය ශිවරාත්‍රි දිනෙය් අැතිවූ නොසන්සුන්කාරී තත්වය සමඟ අත්අඩංගුවටගත් පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් හා පොලිසිය පක්ෂපාතීව ක්‍රියාකරන බවට පවසමින් සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් නෙදුන්කෙණි පොලිස් ස්ථානය ඉදිරිපිට අද (15) විරෝධතාවක නිරත වූහ.
විරොධතාකරුවන් පවසා සිටියෙ පොලිසියේ ක්‍රියාකලාපය හා පුරාවිද්‍යා නිලධාරීන්ගෙෙ ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවටගත් පිරිස මේ වන විට බන්ධනාගාර ගතකොට අැති බවත් මෙම ස්ථායේ ශිව කෝවිලක් ස්ථාපිත කර අැති අතර එ‍් පිළිබද පොලිසිය කිසිදු තැකීමක් නොකර ශිවරාත්‍රි දින පූජාවට එම ස්ථානයට පැමිණි පුද්ගලයින් අත්අඩංගුවටගෙන අැති බවත්ය.
පසුගියදා(08) රාත්‍රී දෙමළ දෙශපාලන නායකයින් අැතුළු පිරිසක් අනවසරයෙන් වඩුන්නාගල පුරාවිද්‍යා ස්ථානයේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්වයක් අැතිවූ අතර එහිදී පූජකයකු අැතුළු අටදෙනකු අත්අඩංගුවටගෙන වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙතන පාදිලි උන්නාන්සේ කෙනෙකුත් ඇවිල්ලා කරන විරෝධය කුමක්ද? ගෝල්ෆේස් අරගල කල්ලියේ හිටියේත් මේ වගේ සට්ටම්බියෝ පිරිසක්. මේ රටේ බොහෝම සැරේට ක්‍රියාත්මක වෙන්නේ සිංහල බොදු විරෝධයක්. ගෝඨාභය ඉවත් කිරීම සිදු වුනෙත් ඒ අනුව බව දැන් නම් හොඳින්ම පැහැදිලියි.
මෙවන් අවස්ථා පාලනයට රාජපක්ෂවරු අවශ්‍යයි...