
(විමුක්ති එස් රුද්‍රිගු)
අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට මුම්බායිහි කෝකිලාබෙන් රෝහල වෙත ගිය අවස්ථාවේ හුස්ම ගැනීමේ අපහසුතාවයට ප්‍රතිකාර කිරීමට නේවාසික රෝගියෙකු ලෙස රෝහලට ඇතුළත් වන ලෙස වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ට උපදෙස් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
අනතුරුව හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවී ඇත්තේ පාදයේ ලේ කැටියක් හිරවීම නිසාවෙන් බව වෛද්‍යවරුන් සොයා ගෙන ඇති බවත් එම ලේ කැටිය ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ව සුළු ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.
ප්‍රතිකාර ගැනීමෙන් පසුව අමිතාබ් බච්චන් අද (15) රෝහලෙන් පිටව පළා ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.නමුත් අමිතාබ්ගේ රෝගී තත්ත්වය පිළිබඳව බච්චන් පවුලෙන් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළා ගියේ සල්ලි ගෙවා ගන්න බැරිවද?
ඉතින් ඕක විශේෂ දෙයක්ද?