
(ගයාන් සූරිය ආරච්චි)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණ.
දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳ මෙහිදී අවධානය යොමුවිය.
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ප්‍රකාශ කළේ දෙරට අතර පවතින සුහදත්වය සහ ඉන්දියාව ශ්‍රීලංකාවේ මිතුරු රටක් ලෙස සැමවිටම කටයුතු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් සහ සන්තෝශම්. නියමයි...!